Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

05th September 2023 17:44:55 Hours

රණවිරු හිසට නව සෙවණක්

රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පුර්ණ නිවාස ව්‍යාපෘතියේ III වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ, අංගොඩවිල, අලවත්තේගම, රිකිල්ලගස්කඩ යන ලිපිනයේ පදිංචි 17(ස්වේ) ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/22ඩී00050 කෝප්‍රල් පොඩිරත්න ජේටී සහ එම කොනොනිගේ බිරිඳ ඇතුළු දූ දරුවන් වෙත නිවසක් තනාදීමේ කටයුතු 17(ස්වේ) ශ්‍රීලපාහ බළඇණීයේ අණදෙන නිලධාරී මේජර් එච්එම්ජේ ප්‍රේමතිලක ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත සිදුකරන ලදී. නිවසේ ඉදිකිරීම් කටයුතු බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වය මත සිදුකළ අතර, වැඩ නිමකළ නව නිවස පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.09.04 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කර නිවැසියන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවාවනිතා සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මැතිනිය සහභාගි වූ අතර, රෙජිමේන්තු මධ්‍යස්ථාන වැඩබලන සේනාවිධායක හා රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් හා 17(ස්වේ) ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරී ප්‍රමුඛ බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී විය. රෙජිමේන්තු අධිපති විසින් නිවස ඉදිකිරීම සඳහා දායකත්වය සැපයූ බළඇණී සාමාජිකයින් සියලුම දෙනා වෙත ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදුකරන ලදී.