Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th July 2023 14:48:13 Hours

අභිනවයෙන් විවෘත වූ රෙජිමේන්තු කාර්යාල සංකීර්ණය

රෙජිමේන්තු අධිපතිගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක රෙජිමේන්තුවට අයත් නිලධාරීන් හා සෙසුනිලයින්ගේ සුබසාධන කටයුතු ඉටුකරදීම හා රෙජිමේන්තුවේ රාජකාරි කටයුතු ක්‍රමවත්ව සිදුකරගැනීමේ නව සංවර්ධන සැලැස්මට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළ සුබසාධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන ලදී.

එහි එක් ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද මහල් තුනකින් සමන්විත නව කාර්යාල සංකීර්ණයේ අවසන් මහල් දෙක නිම කිරීමේ වැඩකටයුතු ආරම්භ කළ අතර, ඉතා කෙටි කාලසීමාවක් තුළ එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී. සම්පූර්ණයෙන් වැඩ අවසන් කරන ලද මෙම කාර්යාල සංකීර්ණය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් විවෘත කර ඉදිරි රාජකාරි කටයුතු සඳහා පවරාදීම 2023.07.08 වන දින සිදුකරන ලදී.

මෙපමණ කලක් සෙබළුන්ගේ සුබසාධන කටයුතු හා අනෙකුත් රාජකාරි කටයුතු ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක සිට විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිදුකළ අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉමහත් අඩුපාඩුවක්ව පැවති මෙම නව කාර්යාල සංකීර්ණය ඉදිකිරීම මගින් කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට හැකියාව ලැබී ඇත. නව කාර්යාල සංකීර්ණයේ සියලුම ඉදිකිරීම් කටයුතු රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුළසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ මගපෙන්වීම මත මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන ලදී. තවද, ඉසේරෙ සෙබළුන් හා රෙජිමේන්තු සංවර්ධන වැඩ කණ්ඩායමේ සෙබළුන් විසින් මෙහි ඉදිකිරීම කටයුතු සඳහා සුවිශේෂී ශ්‍රමදායකත්වයක් ලබාදෙන ලදී.

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යෙෂඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, බළඇණි අණදෙන නිලධරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර්, බළඇණි රෙසැමේවරුන් ඇතුළු සෙසු‍නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.