Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th June 2023 22:47:14 Hours

රණවිරු පවුලට විරු සවියෙන් නව නිවසක්

රෙජිමේන්තු අධිපතිගේ උදාරතර සංකල්පයක් මත දියත් කරන ලද පූර්ණ නිවාස ව්‍යාපෘතියේ II වන අදියර යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සියලුම බලඇණි නියෝජනය වන පරිදි එක් බලඇණියක් විසින් නිවසක් නොමැති රණවිරුවකු වෙත නිවසක් ඉදිකර දීම සිදුකරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, අංක 95/1, තල්ගස්වැව, නොච්චියාගම යන ලිපියේ පදිංචි 23 ශ්‍රීලපාහ බළඇණියට අයත් සෙ/331980 ලාකෝ කරුණාරත්න කේඑල්එම් සහ එම කොනොනිගේ බිරිඳ ඇතුළු දූ දරුවන් වෙත නිවසක් තනාදීමේ කටයුතු 23 ශ්‍රීලපාහ බළඇණීයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්අයිපීකේ ගමගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත සිදුකරන ලදී. නිවසේ ඉදිකිරීම් කටයුතු බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වය මත සිදුකළ අතර, වැඩ නිමකළ නව නිවස රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආරාධනයෙන් පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් 2023.06.08 වන දිනට යෙදුනු සුබ මොහොතින් විවෘත කර නිවැසියන් වෙත ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේනාවිධායක වෘත්තිය පුහුණු පාසල කාලාඔය, 213 බලසේනාධිපති, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සමඟින් 23 ශ්‍රීලපාහ අණදෙන නිලධාරී ප්‍රමුඛ බළඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූ අතර, රෙජිමේන්තු අධිපති විසින් නිවස ඉදිකිරීම සඳහා දායකත්වය සැපයූ බළඇණී සාමාජිකයින් සියලුම දෙනා වෙත ත්‍යාග පිරිනැමීමද සිදුකරන ලදී.