Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවරකොදු තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ පුහුණුවීම් නිරික්ෂණය සඳහා පැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී

    14th March 2023 14:28:20 Hours

    2022 වර්ෂයේ පැවති යුද හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ සහ පියවරකොදු තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භුමියේ දී 2023.03.14 වන දින යුද්ධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිත අතර, එහි පෙර පුහුණුවීම් නිරික්ෂණය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂඨ නිලධාරී පැමිණෙන ලදී.

  • රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය තෙවන අදියර

    12th March 2023 09:07:34 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි තෙවන අදියර සනිටුහන් කරමින් 2023 මාර්තු මස 11 වන දින 3 ශ්‍රීලපාහ සහ 20 ශ්‍රීලපාහ යන බළඇණිවල සංචාරයක නියලෙන ලදී. මෙම බළඇණි මේ වන විට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට තාවකාලිකව කොළඹ ප්‍රදේශයේ ස්ථානගතව රාජකාරී සිදුකරනු ලබයි.

  • රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය දෙවන අදියර

    07th March 2023 00:42:08 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදාවේ 15 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි දෙවන අදියර සනිටුහන් කරමින් 2023 මාර්තු මස 05 වන දින පිළිවෙලින් 11 ශ්‍රීලපාහ, 9(සෙව්) ශ්‍රීලපාහ හා 16 (සෙව්) ශ්‍රීලපාහ, යන බළඇණි වල හා 2023 මාර්තු මස 07 වන දින 7 ශ්‍රීලපාහ, 10 ශ්‍රීලපාහ හා 17(සෙව්) ශ්‍රීලපාහ යන බළඇණිවල සංචාරයක නියලෙන ලදී

  • විදුමව්ගෙන් ලද හරසර ''මහානාම විරු අභිමන්"

    02nd March 2023 18:56:21 Hours

    කොළඹ මහානාම විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන උත්තමාචාරය පිරිනැමීමේ උත්සවයක් 2023.03.02 වන දින එම විද්‍යාලයීය පරිශ්‍රයේ දී පවත්වන ලදී. මහානාම විදුහල් ඉතිහාසය තුළ ප්‍රථම වතාවට සංවිධානය කෙරුනු මෙම උපහාර පුදකිරීමේ උත්සවය සන්නද්ධ සේවාවේ සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් 04 දෙනෙකු ඇගයීම වෙනුවෙන් ඉමහත් අභිමානයෙන් සංවිධානය කරන ලදී.

  • රෙම ශ්‍රීලපාහට අයත් සෙසුනිලයින්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දුදරුවන් හට පාසැල් අභ්‍යාස පොත් හා උපකරණ ප්‍රධානය කිරීම

    25th February 2023 15:24:50 Hours

    යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ධනූෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථානය හා සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ දුවාදරුවන් හට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට පිටුවහලක් වෙමින් අත්‍යවශ්‍ය පසැල් අභ්‍යාස පොත් හා උපකරණ බෙදාදීමේ උත්සවයක් 2023.02.25 වන දින 0900 පැයට සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් රෙම ශ්‍රීලපාහ දේශණ ශාලාවේදී පවත්වන ලදි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුලු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදි.

  • රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

    27th January 2023 14:50:02 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදාවේ 15 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි පළමු අදියර සනිටුහන් කරමින් 2023 ජනවාරි මස 21 වන දින පිළිවෙලින් 5(සෙව්) ශ්‍රීලපාහ, 4 ශ්‍රීලපාහ සහ 6 ශ්‍රීලපාහ යන බළඇණි වල සංචාරයක නියලෙන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 15 වැනි රෙජිමේන්තු අධිපති ලෙස සිය ධූරයේ රාජකාරී ඇරඹූ මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී

    03rd December 2022 22:43:22 Hours

    15 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙත අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන් රාජකාරී භාරගැනීම වෙනුවෙන් 2022 දෙසැම්බර් මස 03 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවණීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන 14 වෙනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ

    01st December 2022 15:02:44 Hours

    වසර 36 ක් වැනි දීර්ඝ යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 නොවැම්බර් මස 25 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

  • ප්‍රෞඪ යුද ඉතිහාසයකට උරුමකම් කියූ 3 වන ශ්‍රී ලංකා පාබල හමුදාව ප්‍රතිස්ථාපනය වෙයි

    25th November 2022 18:26:43 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන නිත්‍ය බළඇණියක් වශයෙන් 3 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ඒකීයභාවය ආරක්ෂා කිරීමේ පරම අභිලාශයෙන් යුතුව වර්ෂ 1985 දෙසැම්බර් මස 16 වන දින තිසාවැව යුද්ධ හමුදා කඳවුරේදී නි/50394 ලුතිනන් කර්නල් එන්ඩීඑම්එම් වික්‍රමරත්න ශ්‍රීලපාහ යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අණදීම යටතේ නිළ වශයෙන් නගාසිටුවා ඇත. අනතුරුව මෙම ඒකකය මානුෂිය මෙහෙයුම ආරම්භ වනතෙක්, යුද්ධ හමුදාව වෙතින් දියත්කර ඇති සියලුම ක්‍රියාන්විතයන් සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇත.

  • 141 වසරක අභිමානය සැමරූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

    17th November 2022 16:03:27 Hours

    පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජි‍මේන්තුව සිය අභිමානවත් 141 වන සංවත්සරය 2022 ක් වූ ඔක්තෝබර් මස 28 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් සමරනු ලැබීය. 1989 ජුනි මස 30 වන දිනට යුද්ධ හමුදා විශේෂ නියෝගයට අනුව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබූ භූමියේ දී වර්ෂ 1989 ක් වූ ඔක්තෝබර් මස 23 වන දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර, එදා මෙදා තුර “සේවය කරමි” යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘ භූමියේ ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂා කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ලබයි.