Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

02nd March 2023 18:56:21 Hours

විදුමව්ගෙන් ලද හරසර ''මහානාම විරු අභිමන්"

කොළඹ මහානාම විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන උත්තමාචාරය පිරිනැමීමේ උත්සවයක් 2023.03.02 වන දින එම විද්‍යාලයීය පරිශ්‍රයේ දී පවත්වන ලදී. මහානාම විදුහල් ඉතිහාසය තුළ ප්‍රථම වතාවට සංවිධානය කෙරුනු මෙම උපහාර පුදකිරීමේ උත්සවය සන්නද්ධ සේවාවේ සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් 04 දෙනෙකු ඇගයීම වෙනුවෙන් ඉමහත් අභිමානයෙන් සංවිධානය කරන ලදී.

මහානාම විද්‍යාලයේ 1988 ආදීශිෂ්‍ය කණ්ඩායමට අයත් ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලයන් දරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී ප්‍රමුඛ රියර් අද්මිරල් කේජේ කුලරත්න, මේජර් ජෙනරාල් ටීඑස් සලේ, රියර් අද්මිරල් ආර්ඒසීඑන් රත්නායක යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් මෙදින උපහාර පුදකළ අතර, මෙම උපහාර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිතුමන් සහභාගී විය.