Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

25th February 2023 15:24:50 Hours

රෙම ශ්‍රීලපාහට අයත් සෙසුනිලයින්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දුදරුවන් හට පාසැල් අභ්‍යාස පොත් හා උපකරණ ප්‍රධානය කිරීම

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය වන ධනූෂා වීරසූරිය මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ රෙජිමේන්තු මධ්‍යස්ථානය හා සියළුම ඒකකයන් නියෝජනය වන පරිදි සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ දුවාදරුවන් හට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට පිටුවහලක් වෙමින් අත්‍යවශ්‍ය පසැල් අභ්‍යාස පොත් හා උපකරණ බෙදාදීමේ උත්සවයක් 2023.02.25 වන දින 0900 පැයට සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් රෙම ශ්‍රීලපාහ දේශණ ශාලාවේදී පවත්වන ලදි. එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුලු ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදි.