24th September 2022 06:20:57 Hours
කර්නල් සුජිත් කුලසේකර ජ්‍යේෂ්ඨ නිලධාරී කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, එම විද්‍යාලයේ ක්‍රිකට් හා රගර් කණ්ඩායම් නියෝජනය කරමින් විශිෂ්ඨ ජයග්‍රහණ අත්කර දී ඇති පාසල් දිවියේ විවිධ ක්ෂේත්රයන්හි දක්ෂතා දැක්වූ දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. ඉන් පසුව එවකට රට තුළ පැවති කුරිරු ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් හමුවේ තම තරුණ කාලය ලක් මාතාව වෙනුවෙන් කැපකිරීමේ පරම අභිලාශයෙන් යුතුව වර්ෂ 1993 ජූලි 15 වන දින කෙඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී පාඨමාලා අංක 40 යටතේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපිඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිමා කරන ලදී.
05th September 2022 12:49:50 Hours
මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 1989.07.14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව මූලික යුද පුහුණුව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 32 වෙතින් සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1991.01.19 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. එම බළඇණියේ ක්‍රියාන්විත හා පුහුණුභාර නිලධාරී තනතුර දක්වා දැරිය යුතු සියලුම තනතුරු හෙබවීමෙන් පසු 7 වන ශ්‍රීලපාහ බළඇණියේ දෙවන අණදෙන නිලධාරී වශයෙන් ද බළඇණිය මෙහෙයවීමේ නියමුවා වීමේ මහඟු භාග්‍ය ද උදාකරගත් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී 2007 වර්ෂයේ 6 වන සාමසාධක බළඇණියේ නිලධාරී අණදෙන්නෙකු ලෙසින් ලෝක සාමය උදාකරලීමේ මහඟු කාර්යභාරයට ද එක්වීමට වරම් ලැබී ය.
26th August 2022 18:28:09 Hours
මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 1989.08.02 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව ඉතා සාරAථකව නිම කිරීමෙන් පසු වරAෂ 1990.04.30 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමෙzන්තුවේ 5 වන (ස්වේච්ඡා) බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකූ ලෙස ඇතුළත් විය.
06th August 2022 12:23:26 Hours
වසර 34 ක යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ මේජර් ජෙනරාල් ජීජීඑ්එස් වික්රමසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2022 අගෝස්තු මස 05 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.
17th June 2022 18:08:03 Hours
මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අතර, යාන්ත්‍රික පාබල හමුදා රෙජිමේන්තුවේ වත්මන් රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 38 වැනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මෙතුමන් 2022.06.16 වන දින සර්ව ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සුබ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදී. මේජර් ජෙනරාල් චන්න වීරසූරිය දශක තුනක් පුරාවට පැවති කුරිරු යුද්ධය නිමා කිරීමට සක්‍රීය දායකත්වයක් ලබා දී ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අතර, මීට ප්‍රථම පිළිවෙලින් 22 පාබල සේනාංකයේ සේනංකාධිපති, අඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වැනි සුවිශේෂි තනතුරු රාශියක රාජකාරීන් සිදු කර මනා දැනුමකින් හා වෘත්තීය නිපුණත්වයකින් හෙබි කීර්තිමක් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
13th June 2022 12:27:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යේෂ්ඨ නිලධාරි 2022 ජුනි මස 11 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නියැලෙන ලදි.
08th June 2022 19:05:48 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ වත්මන් රෙජිමේන්තු අධිපති වශයෙන් කටයුතු කරන මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 60 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022.06.08 වන දින සර්ව ආගමික වතාවත් මධ්‍යයේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සුබ මොහොතින් සිය වැඩ භාරගන්නා ලදී. දශක තුනක් පුරාවට පැවති කුරිරු යුද්ධය නිමා කිරීමට සක්‍රීය දායකත්වයක් ලබා දී ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී මීට ප්‍රථම පිළිවෙලින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, අඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් වැනි යුද්ධ හමුදාව තුළ ප්‍රබල තනතුරු රාශියක රාජකාරීන් සිදු කර මනා දැනුමකින් හා වෘත්තීය නිපුණත්වයකින් හෙබි කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
05th June 2022 11:21:13 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් වෙසක් පොහොය දිනට සමගාමීව ධර්ම දේශණා වැඩසටහනක් පවත්වන ලදී. එය තිස් වසරක කුරිරු යුද්ධය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබාදී මියගිය වීරෝධාර රණවිරුවන් හට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමටත්, රණබිමේදි රණක්ෂිතයට පත්ව මේවන විට නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත්, දැනට රාජකාරියේ නියුතු සියළුම නිලධාරි/ සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට නිරෝගී සූවය ප්‍රාර්ථනා කර සෙත් පැතිමේ අරමුණු පෙරදැරි කරගෙන සිකදුකරන ලදී
07th May 2022 14:53:48 Hours
තිස් වසරක කුරිරු යුද්ධය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ලබා දී රණක්ෂිතයට පත්ව පාද අහිමි වන ලද වීරෝධාර රණවිරුවන් 40 දෙනෙකු වෙනුවෙන් රු. 4,450,000.00 ක වටිනාකමින් යුත් කෘත්‍රිම පාද ලබාදීමේ වැඩසටහනක් 2022.05.07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩ සටහන් මාලාව පාබල හමුදා සේවා වනිතා ශාඛාව හා රෙජිමේන්තු මූලස්ථාන බළඇණිය සම්බන්ධීකරණයෙන් සිදුකරන ලද අතර ඊට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ශිරෝමාලා කොඩිතුවක්කු මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ම
25th April 2022 11:21:13 Hours
වසර 35 කට ආසන්න යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් පසුගිය දා විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරාල් පීජේපී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2022 මාර්තු මස 23 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.