Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    11th February 2021 12:14:58 Hours

    ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 19 ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ 2009.01.25 වන දින අම්පකාමන් උතුරු ප්‍රදේශයේදි ත්‍රස්තවාදි ප්‍රහාරයක් හේතුවෙන් මියගිය මෝදර පටුමග, දොඩම්දුව, ඉබ්බාගමුව ලිපිනයේ පදිංච් සෙ/301586 බනි 11 අතුල ප්‍රියංකර එච්ඩබ්ලිව් යන බළලත් නිලධාරිගේ බිරිද හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවසක් ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් පිජේපි ගමගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.02.10 වන දින 1500 පැයට යෙදුනු සුභ මොහොතින් භාරදෙන ලදි.

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    11th February 2021 12:11:02 Hours

    ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 11 ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ රිදිබැදිඇල්ල, වාරියපොල ලිපිනයේ පදිංචි සෙ/319851 කෝප්‍රල් වෛද්‍යතිලක ජේආර්පි, යන කොනොනි හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් පිජේපි ගමගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.02.10 වන දින 09.47 පැයට යෙදුනු සුභ මොහොතින් කොනොනි හට භාරදෙන ලදි.

  • නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් ජීඑම්සිකේබි ඒකනායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පිඑස්සි

    09th February 2021 16:43:20 Hours

    වර්ෂ 1966 ක් පෙබරවාරි මස 28 වන දින මාතලේ රෝහලෙදි උපත ලද කිත්සිරි ඒකනායක මුලික අධ්‍යාපනයන් බණ්ඩාරවෙල මහ විද්‍යාලය හා මාතලේ විජය මහ විද්‍යාලයෙන් හදාරා තම උසස් අධ්‍යාපනය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අතර එම පාසල්හි ක්‍රිඩා කටයුතු වලදි කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර පොදු කටයුතු වලදි ද කැපිපෙනෙන දිප්තිමත් ශිෂයෙකු වශයෙන් තම පාසැල් දිවිය සාර්ථකව නිම කිරිමෙන් අනතුරුව දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1987 ක් ජුලි මස 21 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1989 ජුනි මස 23 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 4 වන බළඇණියට ඇතුළත් විය.

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    07th February 2021 13:31:16 Hours

    වත්මන් යුද්ධහමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිවාස නොමැති රණවිරුවන් හට පුර්ණ නිවාස ඉදිකරදිමේ ව්‍යපෘතිය යටතේ ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මියගිය හා ආබාධිත සෙසුනිලයින්ගේ ලගම ඥාතින් හට නිවසක් ඉදිකර දිමේ වැඩසටහන යටතේ රෙජිමුබ ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය යටතේ 2008.10.25 වන දින මානුෂිය මෙහෙයුම් ක්‍රියාන්විතයේදි මුලතිවු ප්‍රදේශයේදි පුද්ගල නාශක බිම් බෝම්බයකට හසුවිමෙන් තම දකුණු පාදය දන හිසට පහලින් ඉවත් කර ඇති වැලහේන වත්ත, පනාවල , නිට්ටබුව ලිපිනයේ පදිංචි සෙ/318656 සැරයන් සුමනදාස ඩබ්ලිව්ඒ යන ජ්‍යෙකොනොනි හට රු: 1500,000’00 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස රෙජිමුබ ශ්‍රිලපාහ අණදෙන නිලධාරිතුමගේ ගෞරවනිය ආරාධනය මත ආරක්‍ෂකසේනා (බටහිර) ආඥාපති හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.02.07 වන දින 0852 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත ජ්‍යෙකොනොනි හට භාරදෙන ලදි.

  • නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු රාජකාරි අරඹයි

    29th January 2021 14:16:47 Hours

    නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 21 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් චන්න වීරසූරීය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු 2021-01-25 වන දින වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.

  • යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ලෙස මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු රාජකාරී අරඹයි

    29th January 2021 14:11:03 Hours

    යුද්ධ හමුදා මූලස්ථානයේ 32 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු 2021-01-19 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් කාර්යාලයේදී පැවති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

  • බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව අඥාපති ලෙස මේජර් ජෙනරල් වසන්ත ආබ්‍රේව් රාජකාරි අරඹයි

    29th January 2021 14:02:43 Hours

    බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 09 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් වසන්ත ආබ්‍රේව් 2020-12-08 වන දින පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමාගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ දෙවන අධියර

    29th January 2021 13:37:36 Hours

    ශ්‍රිලංකා පාබල හමුදාවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස පත්වු මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද අබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රිලපාහ ඒකක සංචාරය දෙවන අධියර සනිටුහන් කරමින් 2021 ජනවාරි 22 වන දින සිට 24 වන දින දක්වා 6, 9(සෙව්), 16(සෙව්) 11, 7, 23,12,14(සෙව්),15, යන ශ්‍රිලපාහ ඒකකයන් හි සිදු කරන ලදි. ශ්‍රිලපාහ ඒකකයන් හි නිලධාරින් හා සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වු සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරිම පිළිබඳව සොයා බැලිම මෙම ඒකක සංචාරයේ මුලික පරමාර්ථය විය.

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    29th January 2021 13:32:41 Hours

    ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 8ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ කිරිවැල්කැලේ, 2පියවර, දෑරංගල පිටබැද්දර, අකුරැස්ස ලිපිනයේ පදිංච් දැනට 8 ශ්‍රිලපාහ ඒකකයේ සේවයේ නියතු සෙ/316586 සැරයන් ග්‍රේ එල් ආර්එස්පි, යන අය හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.01.21 වන දින 10.16 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත ජ්‍යෙකොනොනි හට භාරදෙන ලදි.

  • නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

    29th January 2021 13:26:49 Hours

    ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 17 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ නො: 109/1 මුල්ලේගම,නවගත්තේගම ලිපිනයේ පදිංච් සෙ/22ඩි00274 ලා/කෝ බස්නායක බිඑම්ඒඑස්, යන අය හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත නුදුරෙදි ආරක්‍ෂකසේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩභාර ගැනිමට නියමිත හා රෙජිමේන්තු මාහාකරක සභාවේ ජ්‍යෙෂ්ඨ සමාජික මේජර් ජෙනරාල් සිඩි විරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.01.19 වන දින 13.46 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත කොනොනි හට භාරදෙන ලදි.