Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th January 2021 13:26:49 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 17 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ නො: 109/1 මුල්ලේගම,නවගත්තේගම ලිපිනයේ පදිංච් සෙ/22ඩි00274 ලා/කෝ බස්නායක බිඑම්ඒඑස්, යන අය හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත නුදුරෙදි ආරක්‍ෂකසේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩභාර ගැනිමට නියමිත හා රෙජිමේන්තු මාහාකරක සභාවේ ජ්‍යෙෂ්ඨ සමාජික මේජර් ජෙනරාල් සිඩි විරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.01.19 වන දින 13.46 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත කොනොනි හට භාරදෙන ලදි. මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක මෙන්ම තවත් නිළධාරින් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.