Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th February 2021 16:43:20 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් ජීඑම්සිකේබි ඒකනායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පිඑස්සි

වර්ෂ 1966 ක් පෙබරවාරි මස 28 වන දින මාතලේ රෝහලෙදි උපත ලද කිත්සිරි ඒකනායක මුලික අධ්‍යාපනයන් බණ්ඩාරවෙල මහ විද්‍යාලය හා මාතලේ විජය මහ විද්‍යාලයෙන් හදාරා තම උසස් අධ්‍යාපනය මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අතර එම පාසල්හි ක්‍රිඩා කටයුතු වලදි කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර පොදු කටයුතු වලදි ද කැපිපෙනෙන දිප්තිමත් ශිෂයෙකු වශයෙන් තම පාසැල් දිවිය සාර්ථකව නිම කිරිමෙන් අනතුරුව දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1987 ක් ජුලි මස 21 වන දින ශ්‍රීලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1989 ජුනි මස 23 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 4 වන බළඇණියට ඇතුළත් විය.

ඉන් පසු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 4 ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩ භාර නිලධාරියෙකු වශයෙන් අනුයුක්තව ශ්‍රිලපාහ ඒකකයන්හි දැරිය යුතු සියලුම තනතුරු හොබවන ලද මෙතුමන් 7 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි තනතුරද, තම රාජකාරි දිවියේ අත්දැකිම් එකතුකර ගනිමින් 11 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හුමුදාව මෙහෙය විමේ මහගු භාග්‍යයද උදාකර ගන්නා ලදි. ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරියෙකු ලෙස ශ්‍රි ලංකාද්විපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිමෙහිලා උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි කරන ලද දක්‍ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

තවද ජ්‍යෙෂ්ඨ අණදෙන්නෙකු, මාණ්ඩලික නිලධාරියෙකු ලෙස වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි උපදේශක ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල දියතලාව, ප්‍රමානි 11 ක්‍රියාන්විත අධ්‍යක්ෂක මණ්ඩලය, විධායක අධිකාරි රෙම ශ්‍රීලපාහ, මානි 1 (පාලන) පිරිස් පරිපාලන අධ්‍යක්ෂක මණ්ඩලය, 611 හා 661 බළසේනාධිපති, නියෝජ්‍ය සේනාවිධායක යුහවිපි දියතලාව, බ්‍රිගේඩියර් සම්බන්ධිකරණ නිලධාරි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්ද, සේනාවිධායක ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල දියතලාව යන ස්ථානයන්හි රාජකාරින් ඉතා විශිෂ්ඨ ලෙස ඉටුකර ඇත. තවද මෙතුමන් දැනට අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස සැලසුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සුවිශේෂි සේවාවක් ඉටුකරනු ලබයි. තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෘත්තිමය මෙන්ම ශාස්ත්‍රීය දැනුමෙන් සමන්විත වු ජ්‍යෙෂ්ට නිලධාරියෙකු වන අතර දේශිය මෙන්ම විදේශිය පාඨමාලා සහ විදේශිය වැඩමුලු රාශියකට සහභාගිවි දැනුමෙන් පරිපුර්ණ වු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර, එම පාඨමාලා නම් කණ්ඩභාර නිලධාරි පාඨමාලාව, බළඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව මින්නේරිය, ස්නයිපර් පාඨමාලාව ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරු පුහුණු පාසල දියතලාව, අණ හා මාණ්ඩලික විද්‍යාලිය පාඨමාලාව බටලන්ද, මානව හිමිකම් පිළිබද උපදේශක පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරි පාඨමාලාව ඉන්දියාව, තරුණ නිලධාරි පාඨමාලාව පකිස්ථානය, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ඉන්දියාව, ඒකාබද්ධ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව මැලේසියාව, මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය ඉන්දියාව, අධි ආරක්ෂක කළමනාකරණ පාඨමාලාව ඉන්දියාව, ස්නයිපර් ඒකාබද්ධ වැඩමුළුව චීනය හා එක්සත් ජාතින්ගේ සංවිධාන රාජකාරි මිනුස්ටා ඉන් අතරින් වේ.

1989 වර්ෂයේ සිට වන්නිමානුෂිය මෙහෙයුම දක්වා යුද හමුදාව දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සදහා සක්‍රිය දායකත්වය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබාදි ඇත අතර, ඒකක අණදෙන නිලධාරි සහ බලසේණාධිපති වරයෙකු වශයෙන් අවසන් මානුෂිය මෙහෙයුම කාලපරිජේදයෙහි අනගිභවනීය සේවාවක් යුද හමුදාවට මෙන්ම සමස්ථ ශ්‍රි ලංකාද්විපයට ලබාදි ඇත. එම ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශනය කරන ලද රණකාමිත්වය ඇගයිම වස් මෙතුමන් හට විර වික්‍රම විභූෂණ පදක්කම, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් හිමි ගන්වා ඇත.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2021 ක්වූ පෙබරවාරි මස 09 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ජීඑම්සිකේබි ඒකනායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිණමනු ලැබූ අභිමානවත් හා ගාම්භීර කදවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකිරීමෙන් අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් භඨ පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත, ආදර්ශමත් පණිවිඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. පසුව පැමිණ සිටි සියලුම නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලද අතර, අනතුරුව බනි/සැරයන් නිවස්නයේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර මෙම අභිමානවත් උත්සවය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පිඑස්සි එච්ඩිඑම්සි මැතිතුමන්ගේ පූර්ණ අශීර්වාදයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මගපෙන්වීම මත නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදුවිය. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවටඅයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් රැසක් සහ රෙසැමේ ඇතුලු සියලුම නිලයින් සහභාගී විය. මෙම සියලු කටයුතු කොවිඩි 19 වසංගත පැතිරයාම වැලැක්විමේ නිති රිතින්ට අනුකූලව සිදුකරන ලදී.