Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th January 2021 13:37:36 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමාගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ දෙවන අධියර

ශ්‍රිලංකා පාබල හමුදාවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස පත්වු මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද අබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රිලපාහ ඒකක සංචාරය දෙවන අධියර සනිටුහන් කරමින් 2021 ජනවාරි 22 වන දින සිට 24 වන දින දක්වා 6, 9(සෙව්), 16(සෙව්) 11, 7, 23,12,14(සෙව්),15, යන ශ්‍රිලපාහ ඒකකයන් හි සිදු කරන ලදි. ශ්‍රිලපාහ ඒකකයන් හි නිලධාරින් හා සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වු සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරිම පිළිබඳව සොයා බැලිම මෙම ඒකක සංචාරයේ මුලික පරමාර්ථය විය.

මෙදින පළමුවෙන්ම 6 ශ්‍රිලපාහ සහ දෙවනුව 9(සෙව්) ශ්‍රිලපාහ,තෙවනුව 16 (සෙව්) ශ්‍රිලපාහ සිව්වනුව 11 ශ්‍රිලපාහ ඒකකයෙහි සංචාර සිදු කරන ලද අතර, එහිදි 6 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි මේජර් පිකේටි දේවප්‍රිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි පිඑස්සි ශ්‍රිලපාහ, 9(සෙව්) ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි මේජර් ඒඑස් කුමාර ශ්‍රිලපාහ හා 16 (සෙව්) ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි මේජර් ඒඑම්ටිබි රත්නායක ශ්‍රිලපාහ 11 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේපිසි ධර්මසිරි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ශ්‍රිලපාහ විසින් තම ඒකකය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් කඳවුරු මුරයක් පිරිනමමින් ගෞරවයෙන් පිළිගන්නා ලදි.

අනතුරුව 7 ශ්‍රිලපාහ සහ දෙවනුව 23 ශ්‍රිලපාහ, තෙවනුව 12 ශ්‍රිලපාහ හා සිව්වනුව 14 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයෙහි සංචාර සිදු කරන ලද අතර, එහිදි 7 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ටිකේපිඑම් ඩයස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි ශ්‍රිලපාහ, 23 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් පිපිඑස් විරසුරිය ශ්‍රිලපාහ හා 12 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි මේජර් ඩිකේ කලුවාදේව ආර්එස්පි ශ්‍රිලපාහ, 14 (සෙව්) ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි මේජර් ජේඑන්පි ලියනගම ශ්‍රිලපාහ,15 ශ්‍රිලපාහ ඒකක අණදෙන නිලධාරි මේජර් ආර්එම්ආර්කේ රාජගුරු ආර්ඩබ්ලිවිපි ආර්එස්පි ශ්‍රිලපාහ විසින් තම ඒකකය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් කඳවුරු මුරයක් පිරිනමමින් ගෞරවයෙන් පිළිගන්නා ලදි.