Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th January 2021 13:32:41 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත දියත්කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 8ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ කිරිවැල්කැලේ, 2පියවර, දෑරංගල පිටබැද්දර, අකුරැස්ස ලිපිනයේ පදිංච් දැනට 8 ශ්‍රිලපාහ ඒකකයේ සේවයේ නියතු සෙ/316586 සැරයන් ග්‍රේ එල් ආර්එස්පි, යන අය හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.01.21 වන දින 10.16 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත ජ්‍යෙකොනොනි හට භාරදෙන ලදි. මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම තවත් නිළධාරින් සහ සෙසුනිලයින් කිහිප දෙනෙකු සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.