Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • දැයෙන් සමුගත් බ්‍රිගේඩියර් කේජීඑච්එස්කේ ඇඹව (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී

    21st February 2019 20:13:04 Hours

    දේශයේ ස්වෛරිත්වය හා භෞමික අඛණ්ඩතාවය රැකගැනිම වෙනුවෙන් අනගිභවනිය සේවයක් ඉටුකල ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ බිහිවු දක්ෂ යුද විරුවෙකු වන බ්‍රිගේඩියර් කේජීඑච්එස්කේ ඇඹව (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වර්ෂ 2019 ක් වු පෙබරවාරි මස 18 වන දින පෙරවරුවේ දිවියෙන් සමුගන්නා ලදී.

  • අන්තර් රෙජිමේන්තු ආධුනික මුෂ්ඨි ප්‍රහාරක තරගාවලියේ තුන්වන ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩකයින්

    17th February 2019 19:27:15 Hours

    යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාරක කමිටුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර් රෙජිමේන්තු ආධුනික මුෂ්ඨි ප්‍රහාරක තරගාවලිය වර්ෂ 2019 පෙබරවාරි මස 12 දින සිට 15 දින දක්වා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරය පනාගොඩ හිදි පවත්වන ලදී.

  • රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් විවෘත වු අංග සම්පුර්ණ භට නිවාස ගොඩනැගිල්ල

    14th February 2019 17:36:51 Hours

    ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සංකල්පයට අනුව රෙජිමුබ ශ්‍රිලපාහ අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් ආර්එම්එස් රාජකරුණා ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ අධික්ෂණය යටතේ, රණක්‍ෂිතයට පත් පාබල හමුදා විරුවන්ගේ ප්‍රයෝජනය සදහා නවතමයෙන් නවීකරණය කරන ලද අංග සම්පුර්ණ භට නිවාස ගොඩනැගිල්ල සහ වැසිකිලි පද්ධතිය වර්ෂ 2019 ක්වු පෙබරවාරි මස 14 දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.

  • නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී

    08th February 2019 17:44:18 Hours

    කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු හා දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙකු වූ හේරත් මුදියන්සේලාගේ ජයන්ත කුමාර ගුණරත්න තරුණයා දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1985 ඔක්තෝබර් මස 31 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 22 යටතේ යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව හා නිලධාරි පුහුණු පාසල - පාකිස්ථානය වෙතින් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1986 ජුලි මස 24 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3 වන බළඇණියට ඇතුළත් විය.

  • ලෝක සාමය උදාකිරිම වෙනුවෙන් දිවිදුන් ශ්‍රීලපාහ නිලධාරි

    08th February 2019 16:54:49 Hours

    බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින්හි නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමේ රාජකාරි කල ශ්‍රී ලංකා පාබල හමුදාවේ 11 වන බළඇණියට අයත් නි/66912 මේජර් එච්ඩබ්ලිව්ඩී ජයවික්‍රම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි සංග්‍රාමික ප්‍රවාහන රැලි රාජකාරියේ යෙදි සිටියදි ඔහු ගමන් ගත් රථය බිම්බෝම්බයකට හසුවි පුපුරා යාමෙන් වර්ෂ 2019 ක් වු ජනවාරි මස 25 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් 1155 පැයට පමණ දිවියෙන් සමුගන්නා ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි සුහද හමුව

    21st January 2019 09:20:40 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව හා මාර්ගෝපදේශකත්වයෙන් යුතුව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි සුහද හමුව වර්ෂ 2019 ක්වූ ජනවාරි මස 18 දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබීය.

  • පාබල නිවහන විවෘත කිරීම

    18th January 2019 19:50:42 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික නිලධාරින් හා සෙසුනිලයින්ගෙන් සැදුම්ලත්, දශක 7කට ආසන්න ඉතිහාසයකට උරුමකම් ඇති පාබල හමුදා සංගමය මගින් තම සාමාජිකයින් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ සුබසාධනය සඳහා කතරගම කිරිවෙහෙර පූජා භූමියට ආසන්නව ගෝතමීගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද ''පාබල නිවහන'' නිවාඩු නිකේතනයේ පළමු අදියරය, පාබල හමුදා සංගමයේ ගෞරවනීය ආරාධනයෙන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් වර්ෂ 2019 ක්වූ ජනවාරි මස 17 දිනට යෙදුනු සුභ මොහොතින් විවෘත කරන ලදී.

  • ශ්‍රීලපාහ ක්‍රීකට් කණ්ඩයමේ පුහුණුවිම් සදහා පුහුණු පැති විකට්ටුව විවෘත කිරිම

    08th January 2019 20:52:43 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීකට් කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් එම්පී ගුණසිංහ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව ශ්‍රීලපාහ ක්‍රීකට් කණ්ඩායමේ පුහුණුවිම් සදහා අත්‍යවශ්‍යව තිබු නවතමයෙන් ඉදිකරන ලද 'පුහුණු පැති විකට්ටුව' රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් වර්ෂ 2019 ජනවාරි මස 08 වන දින විවෘත විය.

  • යුද්ධ හමුදා එල්ලේ ශූරයන් වෙත පාබල හමුදාවේ ගෞරව ප්‍රණාමය

    08th January 2019 20:49:49 Hours

    2018 වර්ෂයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු එල්ලේ තරඟාලියේදි විශිෂ්ඨ දක්ෂතා දක්වමින් අපරාජිතව ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා පාබල හමුදා එල්ලේ කණ්ඩායම වෙත ගෞරව ප්‍රණාම පුදකිරිමේ විශේෂ උත්සවයක් 2019 ජනවාරි මස 08 වන දින රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදි උත්සවාකාරයෙන් පවත්වනු ලැබිනි.

  • පාබල මේලා වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය - 2018

    31st December 2018 21:19:58 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරෝගාමි රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ දැවැන්ත සංවිධාන ශක්තියෙන් ඔප්නැංවුනු පාබල මේලා වෙළද ප්‍රදර්ශනය හා සැණකෙළිය - 2018 හයවන වරටත් හික්කඩුව මහජන ක්‍රීඩාංගණයේදි යුද්ධ හමුදා සංදර්ශන, සංගිත සංදර්ශන හා මෙරට වෙනත් කිසිදු වෙළද ප්‍රදර්ශනයකදි ඇස නොගැටෙන සුවිශේෂි ඉදිරිපත් කිරිම් සමගින් වර්ෂ 2018 උදුවප් මස 28 සහ 29 දෙදින තුල විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබිය.