Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th March 2020 09:23:58 Hours

අභිනවයෙන් විවෘත වූ පිහිණුම් තඨාකය හා පහසුකම් සැපයීමේ ගොඩනැගිල්ල

ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරීන්ගේ හා සෙසුනිලයින්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ඔපනැංවීමේ අරමුණින් රෙජිමේන්තු අධිපති තුමන් වන මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සංකල්පයකට අනුව මෙතෙක් පාබල හමුදා රෙජිමේන්තුවට අඩුපාඩුවක්ව පැවති මෙම අංග සම්පූර්ණ පිහිණුම් තඨාකය ඉදිකිරීමේ කටයුතු 2019 ඔක්තෝබර් මස 10 වන දින එතුමන්ගේ සුරතින් ආරම්භ කරන ලදි.

මෙම පිහිණුම් තඨාකය හා අංග සම්පූර්ණ පහසුකම් සැපයීමේ ගොඩනැගිල්ල 2020.03.09 දිනට යෙදී තිබුණු සුබ මොහොතින් රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඡායනා හා මගුල් බෙර හඩ මධ්‍යයේ විවෘත කරන ලදී. මෙම අති දැවැන්ත වූ ව්‍යාපෘතිය මෙතරම් කෙටි කාලයක් තුල වැඩ අවසන් කර ශ්‍රීලපාහ නිලධාරීන් හා සෙසුනිලයින් වෙනුවෙන් විවෘත කිරීමට රෙජිමේන්තු අධිපති තුමන් නිරන්තරයෙන් ලබාදුන් උපදෙස් හා මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වන කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යේෂ්ඨ නිලධාරී තුමන්ගේ සෘජු අධීක්ෂණය ඉවහල් වූ බව පැවසිය යුතුමය.

රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් පිහිණුම් තඨාකය විවෘත කිරීමෙන් පසු ශ්‍රී ලංකා යුධ හමුදා පිහිණුම් සංචිත පිහිණුම් ක්‍රීඩකයින් විසින් ප්‍රදර්ශනාත්මක පිහිණුම් තරගයක් පවත්වන ලද අතර ඔවුන් හට රෙජිමේන්තු අධිපතිතුමන් වෙතින් වටිනා ත්‍යාගයන්ද පිරිනමන ලදී. එසේම මෙම අවස්ථාවට රෙජිමේන්තු මහාකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වරුන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුලු සියලු ඒකක නියෝජනය කරන විශාල පිරිසක් සහභාගී වන ලදී.