Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th March 2020 12:53:39 Hours

ශ්‍රි ලංකා පාබල හමුදාවට අභිනවයෙන් පත් වු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසි පිඑස්සි

අභිනවයෙන් පත් වු 11 වැනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වැඩ භාරගැනිම සදහා 2020.03.12 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණෙන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි නව රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු නියෝජ්‍ය සේනාවිධායක කර්නල් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් ගෞරවපූර්වකව පිළිගැනිමෙන් අනතුරුව කඳවුරු සම්මාන මුරයක් ලබා දෙන ලදී. ඉන් පසු සම්මාන මුරය පරික්‍ෂා කිරිම සදහා සපැමිණි රෙජිමේන්තු අධිපති තුමන්ව මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් පිළිගන්නා ලද අතර රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එතුමන් සරඹ භූමිය වෙත කැඳවාගෙන යන ලදී. එහිදී යුද හමුදා සම්ප්‍රදායානුකූලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන මුරයක් නව රෙජිමේන්තු අධිපති තුමා වෙත ලබාදෙන ලදි.

ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජිවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී. පසුව අභිනවයෙන් පත්වූ රෙජිමේන්තු අධිපති තුමන් තම කාර්යාලයේදී සමප්‍රදායානුකූලව ආගමික වතාවත් මැද පොල්තෙල් පහන දල්වා තම ධූරයේ රාජකාරි භාරගන්නා ලදී. ඉන් පසු මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් හා ජ්‍යෙකොනොනින් සමඟ සමූහ ඡයාරූපයකට ද පෙනීසිටිමෙන් පසු නව රෙජිමේන්තු අධිපති තුමන් බළලත් නිලධාරි සහ සැරයන් නිවස්නයේදී සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක්විය.

ඉන්පසු භඨ පිරිස් අමතමින් කාලෝචිත හා හරවත් දේශනයක් සිදුකර, රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුද කරන ලද අතර, රෙජිමේන්තුවක් ලෙස අනාගතයේදී මුහුණ දීමට තිබෙන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී ජයග්‍රහනයකරා යාමට සියලු නිලධාරින් සහ සෙසුනිලයින් හට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රර්ථනා කරන ලදී.