29th January 2021 13:22:05 Hours
වත්මන් යුද්ධහමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියත්මක නිවාස නොමැති රණවිරුවන් හට පුර්ණ නිවාස ඉදිකරදිමේ ව්‍යපතිය යටතේ ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මියගිය හා අබාධිත සෙසුනිලයින්ගේ ලගම ඥාතින් හට නිවසක් ඉදිකර දිමේ වැඩසටහන යටතේ නිවාස 04 ඉදිකර දිමේ සද්කාර්යයේදි, 15 ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය යටතේ 2008.07.20 වන දින මානුෂිය මෙහෙයුම 2 ක්‍රියාන්විතයේදි වැලිඔය ප්‍රදේශයේදි පුද්ගල නාශක බිම් බෝම්බයකට හසුවිමේන් තම වම්පාදය දන හිසට පහලින් ඉවත් කර ඇති කොහොඹ කඩවල තලාව, ලිපිනයේ පදිංචි සෙ/321188 සැරයන් කුමාර එස්එස් (ආර්එස්පි) යන ජෙකොනොනි හට රු: 1500,000’00 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිලධාරිතුමගේ ගෞරවනිය ආරාධනය මත නුදුරේදි ආරක්‍ෂකසේනා (නැගෙනහිර) ආඥාපති වශයෙන් වැඩභාර ගැනිමට නියමිත හා රෙජිමේන්තු මාහකරක සභාවේ ජ්‍යෙෂ්ඨ සමාජික මේජර් ජෙනරාල් සිඩි විරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.01.19 වන දින 10.34 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත ජෙකොනොනි හට භාරදෙන ලදි.
19th January 2021 06:43:09 Hours
වත්මන් යුද්ධහමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියත්මක නිවාස නොමැති රණවිරුවන් හට පුර්ණ නිවාස ඉදිකරදිමේ ව්‍යපතිය v යටතේ ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 10 ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් එම ඒකකය යටතේ සේවය කර 2008.04.03 දින වවුනියාව මන්නාරම් මාර්ගයේ අඔවත්ත ප්‍රදේශයේදි ක්‍රියාන්විත හේතුන් මත තම මාතෘ භූමියේ භෞමික අඛන්ඩතාවය සුරකිමේ පරම අධිෂ්ඨානයෙන් යුතුව තම ජිවිතය පුදකල දෙල්දෙනිවත්ත සියඔලාවත්ත, හෙම්මාතගම ලිපිනයේ පදිංචිව සිට මියගිය සෙ/314955 ලා/කෝ කල්වාන කේආර්කේඒ කොනොනිගේ ආදරණිය බිරිද වන ටිඒ සුමාලි රාජසේකර යන අය හට රු: 1500000.00 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් 2021.01.15 වන දින 09.03 පැයට යෙදුනු සුභ මොහොතින් නිළධාරිගේ ආදරණිය බිරිද හට භාරදෙන ලදි.
09th January 2021 00:38:12 Hours
වර්ෂ 1968 ක් වු ජුනි මස 24 වන දින නිමල් පීරිස් පියානන්ට හා ශර්ලි පීරිස් මෑණියන්ට දාව මොරටුව මහ රෝහලේදී ජන්ම ලැබු ක්‍රිශාන්ත පිරිස් සිසුවා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය වෙතින් උසස් අධ්‍යාපනය දක්වා සිප්සතර හදාරා ඇත. තම ස්වකීය පාසැල් දිවියේදී කැපී පෙනෙන දස්කම් දක්වා ඇති මෙම සිසුවා අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම පාසැලේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසත් ශිෂ්‍යභට කණ්ඩයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙසත් විෂය භාහිර ක්‍රියා කාරකම් වලදී මෙන්ම පොදු කටයුතු වලදීද දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් නායකත්වයේ උතුම් ගුණාංග විදහාපා ඇත.
09th January 2021 00:29:24 Hours
දශක 14 කට හෙවත් පුරා වර්ෂ 140 කට පෞඩ ඉතිහාසයක් හිමි පාබල හමුදා වංශකථාවෙහි නව පරිච්ජේදයක් සනිටුහන් කරමින් රටක් බතින් බුලතින් සහ කෘෂිකර්මයෙන් සමෘද්ධිමත් කරන්නාසේ පාබල හමුදා මාතාව පෙර නොවු විරු සමෘද්ධිමත් ස්ථානයකට ඔසවා තැබීමට අප්‍රමාණ උත්සාහයෙන් සහා මනාකැපවිමෙන් හා උත්කෘෂ්ඨ නායකත්වයක් ප්‍රදර්ශණය කර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව ප්‍රතක්‍ෂ කිරිම සදහා දිවා රාත්‍රි අව් වැසි නොතකා අපමණ වෙහෙසක් දරා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි සහ යටතෙහි වන ඒකකයන් හට මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තු අධිපති වරුන් 05 දෙනෙකු වෙත ඔවුන්ගේ කාර්ය භාරයන් හා රෙජිමේන්තු වගකීම් අනර්ඝව ඉටුකිරීම සදහා මහත් පිටිවහලක් වු බ්‍රිගේඩිය ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය දුරයේන් 2021.01.07 දින නික්ම යන ලදි
29th December 2020 06:31:14 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන සුජීවා ශ්‍රීමති ද ආබ්‍රේව් මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 4 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/315206 වෛද්‍යරත්න ඩබ්එස්එම්පීකේ යන කොනොනිගේ අඩක් නිමකර ඇති නිවසේ ඉතිරි වැඩකටයුතු සදහා අනුමත කරන ලද රු:500,000.00 ක මුදලින් අවසන් වාරික මුදල වන රු:200,000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් දැනට රටතුල පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව 2020.12.23 වන දින ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපතිතුමියගේ සුරතින් තත් කොනොනි හට පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී තුමාද සහභාගී වන ලදි.
19th December 2020 15:22:45 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන සුජීවා ශ්‍රීමති ද ආබ්‍රේව් මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ රෙජිමුබ ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/314506 බනි II සම්පත් එන්ඩීසී (ආබාධිත) යන බළලත් නිලධාරීගේ ඉදිකරමින් පවතින නව නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සදහා රු:100000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් දැනට රටතුල පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව 2020.12.16 වන දින ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපතිතුමියගේ සුරතින් තත් බළලත් නිලධාරී හට පරිත්‍යාග කරන ලදි.
07th December 2020 23:21:58 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා 13 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද අබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය සනිටුහන් කරමින් 10 ශ්‍රීලපාහ, 19 ශ්‍රීලපාහ, 20 ශ්‍රීලපාහ හා 17(සෙව්) ශ්‍රීලපාහ ඒකකයන්හි 2020 දෙසැම්බර් 05 වන දින සිදු කරන ලදි
07th December 2020 23:16:27 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා 13 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද අබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන්ගේ ශ්‍රීලපාහ ඒකකයන්හි පළමු අධියරයන් සනිටුහන් කරමින් 4 ශ්‍රීලපාහ, 24 ශ්‍රීලපාහ හා 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයන්හි 2020 දෙසැම්බර් 04 වන දින සිදු කරන ලදි.
01st December 2020 10:04:26 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ අභිනවයෙන් පත් වු 13 වැනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිවපි ආර්එස්පි යුඑස්පි පීඑස්සී එච්ඩිඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වැඩ භාරගැනිම සදහා 2020.11.30 දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණෙන ලදී.
30th November 2020 23:30:26 Hours
කෑගලු මහ විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු හා දක්ෂ ක්‍රීඩකයෙකු වූ හා 1985 කෑගලු විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායක දුරය හොබවා ඇති ජයනාත් ජයවීර තරුණයා දේශයේ ස්වෛරීභාවය හා භෞමිකඅඛණ්ඩතාවය සුරැකීමවස් වර්ෂ 1986 මාර්තු මස 31 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, යුද්ධ හමුදා විද්‍යපීඨය දියතලාව වෙතින් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1987 පෙබරවාරි මස 21 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3වන බළඇණියට ඇතුළත් විය.