Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th November 2020 23:30:26 Hours

ගෞරවණීය උත්තමාචාරයන්ගෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස්

කෑගලු මහ විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු හා දක්ෂ ක්‍රීඩකයෙකු වූ හා 1985 කෑගලු විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍යනායක දුරය හොබවා ඇති ජයනාත් ජයවීර තරුණයා දේශයේ ස්වෛරීභාවය හා භෞමිකඅඛණ්ඩතාවය සුරැකීමවස් වර්ෂ 1986 මාර්තු මස 31 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, යුද්ධ හමුදා විද්‍යපීඨය දියතලාව වෙතින් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1987 පෙබරවාරි මස 21 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3වන බළඇණියට ඇතුළත් විය.

එතැන් පටන් වසර 35කට ආසන්න කාලයක් තම දිවියේ තාරුණ්‍ය යුද්ධ හමුදාව හා රට වෙනුවෙන් කැපකල මෙතුමන් යුද්ධ හමුදා සේවයට සමුදීම සදහා 2020 දෙසැම්බර් මස 28 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිනි රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක තුමන් විසින් මහත් ගෞරවයෙන් පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිළිගන්වන ලදි. පසුව රෙජිමේන්තුවට අයත් පරිවාරක රථ පෙරටුකොටගෙන එතුමන් සරඹ භූමිය වෙත කැඳවාගෙන එන ලද අතර, මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් එතුමන්ව මහත් ගෞරවයෙන් පිළිගැනිමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් එතුමන් ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන යන ලදි මෙහිදි වර්ණ ධජ මංගල හස්තියාද ඇතුලත්ව අභිමානවත් සම්මාන මුරයක් එතුමන් වෙත පුද කරන ලදි.

පසුව භටපිරිස් අමතා හරවත් කථාවක් සිදුකල අතර, 30 වසරක් පුරා පැවති යුද්ධයේදී මව්බිම වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සිහිකර රණවිරු ස්මාරකය අභිමුවදී පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව සමුගැනීම සිහිවීම වස් නිලධාරි නිවස්න පරිශ්‍රයේදි පැලයක් රෝපණය කරන ලදි. රෙජිමේන්තු බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේදී සම්ප්‍රදායානුකුල තේ පැන් සංග්‍රහයක්ද පිළිගන්වන ලදී.

පසුව සන්ධ්‍යා කාලයේදි නිලධාරි නවස්නයේදී එතුමන් වෙනුවෙන් ඉතා ගාම්භිරවූත් අලංකාරවූත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලදි. විශ්‍රාම ගන්නා රෙජිමේන්තු අධිපති තුමන් වෙනුවෙන් මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ඉතා හරවත් කථාවක් පවත්වා රෙජිමේන්තුවේ සියළු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් එතුමන්ගේ ඉදිරි අනාගතයට සුබ ප්‍රාර්ථනා ඒක්කළ අතර සමරු තිළිණයකක් ද පිළිගන්වන ලදි. මෙම උත්සව කටයුත්තේ සියළු අවස්ථාවන රටෙහි පවතින වත්මන් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට භාජනය කරමින් පැතිරීම වැලැක්වීමේ නීති රීතීන්ට අනුකූලව සිදු කිරීමට වගබලාගන්නා ලදි.