Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th December 2020 23:16:27 Hours

රෙජිමේන්තු අධිපති තුමාගේ 2020.12.04 වන දින ශ්‍රීලපාහ ඒකකයන්හි කඳවුරු සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදා 13 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද අබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන්ගේ ශ්‍රීලපාහ ඒකකයන්හි පළමු අධියරයන් සනිටුහන් කරමින් 4 ශ්‍රීලපාහ, 24 ශ්‍රීලපාහ හා 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයන්හි 2020 දෙසැම්බර් 04 වන දින සිදු කරන ලදි.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපතිතුමන් ලෙස පත් වූ මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් ශ්‍රීලපාහ ඒකක වල සංචාරය කරමින් ඒකකයන්හි නිළධාරීන් සහ සෙසුනිලයන්ගේ අවශ්‍යතා පිළිබඳ හා ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සදහා වූ සියලුම පාලන කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව සිදු කිරීම පිළිබඳව සොයා බැලීම මෙම ඒකක සංචාරයේ මූලික පරමාර්ථය වූ අතර මෙදින පළමුවෙන්ම 4 ශ්‍රීලපාහ සහ දෙවනුව 24 ශ්‍රීලපාහ හා තෙවනුව 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකකයෙහි සංචාර සිදු කරන ලද අතර, එහිදී 4 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් අයිටීකේ හපුආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ, 24 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් එච්බීටී ප්‍රියංකර ශ්‍රීලපාහ හා 5 (සෙව්) ශ්‍රීලපාහ ඒකක අණදෙන නිළධාරී මේජර් එස්ඩී රත්නසිරි ශ්‍රීලපාහ විසින් තම ඒකකය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන් කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් පිළිගන්නා ලදි.

රෙජිමේන්තු අධිපතිතුමන් මෙම සංචාරයේදී ඒකකයන් වශයෙන් ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව ඒකකයන් පැසසුමට ලක් කල අතර පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරී කරන සියලු දෙනා ඉතා ඉහල විනය මට්ටමක් පවත්වා ගැනීමෙන් තම යුද්ධ හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාර්ථක කරගත හැකි බව නිළධාරීන් හා සෙසුනිලයින් දැනුවත් කල අතර දැනට ඒකක වල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකල යුතු ආකාරය පිළිබඳව හා ඊට ඇවැසි උපදෙස් සහ මග පෙන්වීම් පෙන්වා දෙමින් වර්ථමානයේ සොල්දාදුවන් මත්ද්‍රව්‍ය භාවිතයට හා එම ව්‍යාපාර වලට සම්බන්ධවීම හා විවිධ අපචාර ක්‍රියා වලට යොමුවීමේ නැඹුරුවක් පවතින බව භඨපිරිස් අමතා විශේෂයෙන් සදහන් කල අතර එම ක්‍රියා වලින් වැලකී යුද්ධ හමුදාවේ ගෞරවයට හා ප්‍රථිරූපයට හානි නොවන අයුරින් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙමින් හරවත් දේශණයන් ද සිදු කරන ලදි. මෙම සංචාරය සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රමානි 1 ලුතිතන් කර්නල් එච්ආර්ඒජේකේකේ බස්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ යන ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් ද සහභාගී වන ලදි.