Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • පාබල හමුදා රණවිරු සැමරුම් උළෙල - 2019

    26th October 2019 14:10:39 Hours

    මාතෘභූමියේ ඒකීයභාවය හා චිරස්ථිතය උදෙසා යුධ බිමේදී වීර වික්‍රමාන්විත යුද මෙහෙයුම් මගින් සතුරු බලමුළු මුලිනුපුටා දමමින් අප්‍රතිහත ධෛර්යෙන් හා අසමාන සටන්කාමිත්වයකින් ලේ, දහඩිය වගුරවමින් සටන් වැද ජීව දානය කැපකරමින් යුද විජයග්‍රණයට උරදුන් අභීත පාබල හමුදා විරුවන් සදා අනුස්මරණය කිරිම වෙනුවෙන් 30 වන රෙජිමේන්තු සංවත්සර දිනයට සමගාමිව සිව්වන වරට පවත්වන ලද රණවිරු සැමරුම් උළෙල 2019 ක් වු ඔක්තෝබර් මස 25 දින ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 'අභිමන් මුදුණත' රණවිරු ස්මාරකය අභියසදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

  • 30 වසරක අභිමානය සැමරු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

    23rd October 2019 17:44:17 Hours

    දෙස් විදේස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේද ගරුබුහුමනට පත්‍රවෙමින් රාජිණී වර්ණ හා ජනාධිපති වර්ණයෙන් පිදුම්ලද ශ්‍රි ලංකා ධරණීතලයේ බිහිවු ප්‍රථම ඉපැරණි රෙජිමේන්තුව වු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජි‍මේන්තුව සිය අභිමානවත් 30 වන සංවත්සරය 2019 ක් වු ඔක්තෝබර් මස 23 දින ඉතා උත්සවශ්‍රියෙන් සමරනු ලැබීය.

  • 2019 අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ විශිෂ්ඨයන් ඇගයිම

    11th October 2019 17:52:32 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදාව 2019 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගනු ලබන්නේ රෙජිමේන්තු 17 ක් අභිබවා යමිනි. ඒ අනුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්විම අනුව ජයග්‍රහණය සඳහා ඇපකැප වු සරඹ කණ්ඩායමේ නිළධාරින් සහ සෙසු නිලයින් මෙන්ම උපදේශකයින් ඇගයිම වස් 2019.10.10 දින සැදැ කාලයේදි රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි උත්සවයක් සංවිධානය කරන ලදී.

  • දිනෙන් දින සංවර්ධනය වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය

    10th October 2019 14:00:05 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අඩුපාඩුවක්ව පැවති පිහිණුම් තටාකයක් සදහා මුල්ගල් තැබිම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලව්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2019.10.10 වන දිනට යෙදුන සුභ මොහොතින් සිදුකරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ තවත් අභිමානවත් වු විජයග්‍රහණයක්

    04th October 2019 13:53:43 Hours

    අභිමානවත් වු ශ්‍රී ලංකා පාබල හමුදා ඉතිහාසයට තවත් අමරණිය මතක සටහනක් එක් කරමින් 2019 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පාබල හමුදා සරඹ කණ්ඩායම සමත් විය.රෙජිමේන්තු17 අතුරින් ප්‍රථම ස්ථානය දිනා ගත් පාබල හමුදා කණ්ඩායම පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන පාබල හමුදාවේ ගෞරවය රැක ගැනිමට හා කීර්තිය ඉහල නැංවිම සදහා මෙම තරගාවලියට සහභාගි වු නිලධාරින් සෙසු නිලයින් දැක්වු දායකත්වය සුවිශේෂි විය.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය තුන්වන අදියර

    23rd September 2019 08:41:16 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ තුන්වන අදියර ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) යටතේ ස්ථාපිත ඒකකයන්හි 2019 සැප්තැම්බර් මස 22 වන දින ආරම්භ කරන ලදී.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය දෙවන අදියර දෙවන දිනය

    12th September 2019 09:25:20 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ දෙවන අදියර දෙවන දිනය ආරක්ෂක සේනා මූලස්ථානය (කිළි) යටතේ ස්ථාපිත ඒකකයන්හි 2019 සැප්තැම්බර් මස 11 වන දින ආරම්භ කරන ලදී.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රිලපාහ ඒකක සංචාරය දෙවන අදියර

    11th September 2019 00:14:06 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ දෙවන අදියර ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) සහ ආරක්ෂක සේනා මූලස්ථානය (කිළිනොච්චි) යටතේ ස්ථාපිත ඒකකයන්හි 2019 සැප්තැම්බර් මස 10 වන දින ආරම්භ කරන ලදී.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය

    19th August 2019 22:08:37 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 වන රෙජිමේන්තු අධිපති ලෙස පත්වූ මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය 2019.08.16 වන දින 8 ශ්‍රීලපාහ ඒකකයෙන් ආරම්භ කරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලද සම්මානනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී

    07th August 2019 13:24:33 Hours

    වසර 33 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවතුල අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන සෙන්පති, මේජර් ජෙනරාල් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ්එස්පී යුඑස්පී 2019.08.06 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථනායට පැමිණෙන ලදී.