Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

18th August 2020 21:01:15 Hours

අභිනවයෙන් රාජකාරි භාරගත් 12 වන රෙජිමේන්තු අධිපති තුමන්ගේ බළඇණි සංචාරයේ දෙවන අධියර වශයෙන් රෙජිමුබ ශ්‍රීලපාහ බළඇණි සංචාරය සිදුකල වගයි

නිලධාරි ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථාන සේනාවිධායක හා ශ්‍රීලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 12 වන රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී භාරගැනීමේන් පසු මෙම රෙජිමට අයත් නිත්‍ය/ස්වෙච්ඡා එකකයන්හි රාජකාරී කර රණක්‍ෂිතයට පත් රණවිරුවන් රාජකාරී කරනු ලබන රෙජිමේන්තු මුලස්ථාන බළඇණිය බූස්ස කඳවුර වෙත 2020.08.17 වන දින සංචාරය සිදුකරන ලදි.

රෙජිමේන්තු අධිපති තුමන් සම්ප්‍රධානුකූලව පිරිනමන ලද සම්මාණ මුරය පිළිගැනීමෙන් පසු පැලයක් රෝපණය කර සිය කඳවුරු සංචාරය සනිටුහන් කරන ලදි. රෙජිමේන්තු අධිපති තුමන් විසින් සියළු නිලයන් අමතා, මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් සමග කඳවුර නිරීක්‍ෂණ සංචාරය සිදුකරන ලද අතර, එහිදි රණක්‍ෂිතයට පත් සෙනීන් මුනගැසීම සිදුකරන ලදි.

තවද, නවතමයෙන් ආරම්භ කිරිමට නියමිත පුස්තකාලය, නිදනමළු ව්‍යාපෘතිය සහ නවතමයෙන් ඉදිකිරිමට නියමිත භඨ නිවාසය රෙජිමේන්තු අධිපති තුමන් විසින් නිරික්‍ෂණය කරන ලදි.