Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

19th August 2020 12:46:34 Hours

රෙම ශ්‍රීලපාහ සියලුම නිලධාරීන්ගේ ධන පරිත්‍යාගයෙන් වෛද්‍ය ආධාර ලබාදීම

නිලධාරි ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථාන සේනාවිධායක හා ශ්‍රීලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.08.17 වන දින රෙජිමේන්තු මුලස්ථාන බළඇණිය බූස්ස කඳවුරු සංචාරය සිදුකරන ලදි.

රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය ශ්‍රීලපාහි සංචාරය අවසානයේ එම ඒකක භූමියේදී ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සියලුම නිලධාරීන්ගේ දායකත්වයෙන් ලබා ගන්නා ලද රු 293500.00 ක මුදලක් රෙම ශ්‍රීලපාහට අයත් දැනට රාජකාරියේ නියුතු කර්නල් එස්ඩබ්ලිව්ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ භාර්යාව හට ඇති වී ඇති අසනීප තත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සදහා රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් පරිත්‍යාග කරන ලදී.