Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • නිලධාරි පුහුණු දිනය - රෙම ශ්‍රීලපාහ

    08th December 2018 13:26:43 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් අනුව නිලධාරින්ගේ පුද්ගලික හැකියාවන්, දැනුම හා නායකත්ව ගුණාංග වර්ධනය කිරිම සදහා රෙජිමේන්තු මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන නිලධාරි පුහුණු සැලැස්ම යටතේ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් නිලධාරින් වෙනුවෙන් 2018 වර්ෂය සදහා පවත්වනු ලබන මෙම වසරේ අවසන් පුහුණු දින වැඩ සටහන ශ්‍රිලපාහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ මාර්ගෝපදේශණයෙන් සහ සහභාගිත්වයෙන් වර්ෂ 2018 ක්වු දෙසැම්බර් මස 07 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය - පනාගොඩ හීදි ඉතා සාර්ථකව පවත්වනු ලැබීය.

  • වෙඩි පිටියේ දස්කම්පෑ පාබල විරුවන්

    07th November 2018 09:37:36 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුලු අවි සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු වෙඩිතැබීමේ තරඟාවලිය - 2018, වර්ෂ 2018 ක් වු ඔක්තෝබර් මස 25 දින සිට නොවැම්බර් මස 03 දින දක්වා යුද්ධ හමුදා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල - දියතලාව හි සංග්‍රාමික වෙඩි පිටියේදී සාර්ථකව පවත්වන ලද අතර, එම තරඟාවලියේදි ඉතා මැනවින් ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගනිමින් හා නිවැරදිව, වේගවත්ව ඉලක්ක පත් වෙත යොමු වෙමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට 24 වන සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදා වෙඩිතැබිමේ කණ්ඩායම සමත් විය.

  • වෙඩි පිටියේ අති විශිෂ්ඨ දස්කම්පා ශ්‍රීලපාහ රෙජිමේන්තුවට මහත් අභිමානයක් ගෙනදුන් ජ්‍යෙෂ්ඨ නිලධාරි

    07th November 2018 09:17:12 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සුලු අවි සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු වෙඩිතැබීමේ තරඟාවලිය - 2018, වර්ෂ 2018 ක් වු ඔක්තෝබර් මස 25 දින සිට නොවැම්බර් මස 03 දින දක්වා යුද්ධ හමුදා ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල - දියතලාව හි සංග්‍රාමික වෙඩි පිටියේදී සාර්ථකව පවත්වන ලද අතර, එම තරඟාවලියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා පැවති වෙඩිතැබිමේ තරඟයේදි ඉතා මැනවින් ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගනිමින් හා නිවැරදිව, වේගවත්ව ඉලක්ක පත් වෙත යොමු වෙමින් විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට 24 වන සේනාංකයේ සේනාංකාධිපති හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි සමත් විය.

  • පාබල හමුදා රණවිරු සැමරුම් උළෙල - 2018

    28th October 2018 12:16:16 Hours

    මාතෘභූමියේ ඒකීයභාවය හා චිරස්ථිතය උදෙසා යුධ බිමේදී වීර වික්‍රමාන්විත යුද මෙහෙයුම් මගින් සතුරු බලමුළු මුලිනුපුටා දමමින් අප්‍රතිහත ධෛර්යෙන් හා අසමාන සටන්කාමිත්වයකින් ලේ, දහඩිය වගුරවමින් සටන් වැද ජීව දානය කැපකරමින් යුද විජයග්‍රණයට උරදුන් අභීත පාබල හමුදා විරුවන් සදා අනුස්මරණය කිරිම වෙනුවෙන් 29 වන රෙජිමේන්තු සංවත්සර දිනයට සමගාමිව තෙවන වරට පවත්වන ලද රණවිරු සැමරුම් උළෙල 2018 ක් වු ඔක්තෝබර් මස 27 දින ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 'අභිමන් මුදුණත' රණවිරු ස්මාරකය අභියසදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.

  • අන්තර් රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදිමේ තරගාවලියේ දස්කම් පෑ ශ්‍රිලපාහ ක්‍රිඩකයින්

    26th October 2018 21:40:46 Hours

    ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඔරු පැදිමේ කමිටුව විසින් සංවිධානය කල 6 වන අන්තර් රෙජිමේන්තු ගෘහස්ථ ඔරු පැදිමේ තරගාවලිය වර්ෂ 2018 ක් වු ඔක්තෝබර් මස 25 සහ 26 දෙදින තුළ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රිඩාගාරය - පනාගොඩහිදී උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය.

  • 29 වසරක අභිමානය සැමරු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව

    23rd October 2018 17:37:26 Hours

    හිරු නොබසින අධිරාජ්‍යයේ මහා රාජණියගේ පැසසුමට මෙන්ම මෙරට රාජ්‍ය නායකයින්ගේ ගරුබුහුමනට පත්‍රවෙමින් රාජිණී වර්ණ හා ජනාධිපති වර්ණයෙන් පිදුම්ලද ශ්‍රි ලංකා ධරණීතලයේ බිහිවු ප්‍රථම ඉපැරණි රෙජිමේන්තුව වු ශ්‍රී ලංකා පාබල හමුදාව සිය අභිමානවත් 29 වන සංවත්සරය 2018 ක් වු ඔක්තෝබර් මස 23 දින ඉතා උත්සවශ්‍රියෙන් සමරනු ලැබීය.

  • යුද්ධ හමුදා 69 වන සංවත්සර දින පෙළපාලියේ ශ්‍රීලපාහ අභිමානය

    20th October 2018 08:06:02 Hours

    ශ්‍රී ලංකාද්වීපයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිභාවය ආරක්ෂා කිරිමේ අදිටනින් යුතුව තිස් වසරක් දේශය වෙලාගත් රුඳුරු ත්‍රස්තවාදය මුලිනුපුටා දමමින් මව්බිමට නිදහස ගෙන දුන් සටනේ පෙරගමන්කරු වු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය සැමරිම වෙනුවෙන් 2018 ඔක්තෝබර් මස 18 වන දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ රෙම ශ්‍රීලකාහ සරඹ භූමියේ දී වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් යුද්ධ හමුදාධිපති තුමන් වෙත පිරිනමන ලදී.

  • නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරු බුහුමන් ලද මේජර් ජෙනරාල් ජේආර් අම්පෙමොහොට්ටි ආර්එස්පී

    28th September 2018 15:46:24 Hours

    කොළඹ රාජකීය විද්‍යාලය වෙතින් සිප්සතර හැදැරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු හා විද්‍යාලයේ දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකු වූ ජිනේන්ද්‍ර රාජිත අම්පෙමොහොට්ටි තරුණයා දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් වර්ෂ 1985 ක් වු ජුනි මස 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශ‍යෙන් බැඳි කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 21 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව වර්ෂ 1986 අප්‍රේල් මස 25 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3 වන බළඇණිය වෙත එක්වන ලදී.

  • 2018 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා තරඟාවලියේ ශූරතාවය රෙජිමුබ ශ්‍රීලපාහ විසින් දිනා ගනී

    26th September 2018 18:11:37 Hours

    21 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පැරා තරඟාවලිය 2018 සැප්තැම්බර් මස 19, 20, 21 යන තෙදින තුල දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි පවත්වන ලද අතර, මෙම තරඟාවලියේ මළල ක්‍රීඩා ශූරතාවයත්, සමස්ථ ශූරතාවයත් දිනා ගනිමින් 14 වන වරටත් පාබල හමුදා රෙජිමේන්තුව රනින් බැබලවිමට රෙජිමුබ ශ්‍රීලපාහ ක්‍රීඩා කණ්ඩායම සමත්විය.

  • රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරය

    21st September 2018 13:30:05 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ 9 වන රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගැනිමෙන් පසු නිල වශයෙන් සිදුකරනු ලබන බලඇණි සංචාරය 2018.09.18 දින ආසේමු (යා) බලප්‍රදේශයෙන් ආරම්භ කරන ලදී. බලඇණි සංචාරය ආරම්භ කරමින් කන්කසන්තුරෙයි වර්තවිලාන් ප්‍රදේශයේ පිහිටි 2 (සෙව්) ශ්‍රීලපාහ බලඇණි මුලස්ථානය වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන්, 11 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි, 2 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි හා 16 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි විසින් ගෞරවාන්විතව පිළිගන්නා ලදී.