Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th October 2019 20:22:51 Hours

අන්තර් ඒකක කඹ ඇදිමේ තරගාවලිය ශ්‍රිලංකා පාබල හමුදාව

ශ්‍රි ලංකා ක්‍රිඩා ‍ක්ෂෙත්‍රයේ ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ විවිධ ක්‍රිඩා ඉසව් නියෝජනය කරමින් තම මව්බිම වෙනුවෙන් යුද්ධ හමුදාව ඉටු කරනු ලබන්නේ ඉතා විශිෂ්ඨ සේවයක් බැව් අවිවාදිතය.ඒ අතරින් ශ්‍රි ලංකා පාබල හමුදාව හට අතීතයේ සිට ලැබි ඇත්තේ ප්‍රමුඛත්වයකි.මේ සදහා ශ්‍රි ලංකා පාබල හමුදා ක්‍රිඩා සංචිතය සදහා දක්ෂ ක්‍රිඩකයින් සොයා ගැනිමේ අදිටනින් අන්තර් ඒකක මලළ ක්‍රිඩා තරගාවලි මෙන්ම සාමුහික ක්‍රිඩා තරගාවලිද මෙම රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබේ.

ඒ අනුව සෑම වසරකම මෙන් 2019 වර්ෂයේද අන්තර් ඒකක කඔ ඇදිමේ තරගාවලියක් ශ්‍රි ලංකා පාබල හමුදාව විසින් සංවිධානය කරනු ලැබිය. එහි අවසන් පුර්ව වටයේ තරග මෙන්ම අවසන් මහා තරගය 2019 ඔක්තොබර් මස 29 දින රෙජිමේන්තු මධ්‍යස්ථාන “රසල් හයින් ක්‍රිඩාංගනයේදි පැවැත්විය.මෙහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා අඥාපති බටහිර මෙන්ම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි විය. මෙහිදි කණ්ඩායම් 19 ක් අතුරින් ප්‍රථම ස්ථානය 19 වන ශ්‍රිලපාහ බළඇණිය ලබා ගත් අතර 4 ශ්‍රිලපාහ සහ 10 ශ්‍රිලපාහ බලඇණි පිළිවෙලින් දෙවන හා තුන්වන ස්ථාන හිමිකර ගනු ලැබිය. ජයග්‍රහකයින් හට ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් සිදුවිය. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මහ කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ද නිලධාරින් හා සෙසු නිලයින් විශාල පිරිසක් ද සහභාගි විය.