Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th August 2020 09:50:21 Hours

රෙජිමේන්තු අධිපති තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරය තුන්වන අධියර

ශ්‍රී ලංකා පාබල හමුදා වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේජේ ජයවීර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ශ්‍රීලපාහ ඒකක සංචාරයේ තුන්වන අදියර ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ ස්ථාපිත ඒකකයන් වන 8 ශ්‍රීලපාහ හා 2 (සෙව්) ශ්‍රීලපාහ හි 2020 අගෝස්තු මස 24 වන දින සිදු කරන ලදී.

ශ්‍රීලපාහ ඒකකයන් හි නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ අවශ්‍යතා පිළිබඳ සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලු පාලන කටයුතු විධිමත්ව සිදුකිරීම පිළිබඳව සොයාබැලීම මෙම ඒකක සංචාරයේ මූලික පර්මාර්ථය වන අතර මෙදින පළමුවෙන්ම 2 (සෙව්) ශ්‍රීලපාහ සහ දෙවනුව 8 ශ්‍රීලපාහ ඒකකයෙහි සංචාරය සිදුකරන ලද අතර, එහිදි 2 (සෙව්) ශ්‍රීලපාහ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්එම්ඩබ්ලිව්ජීසීකේඩබ්ලිව් බංඩාර ආර්එස්පී ශ්‍රිලපාහ හා 8 ශ්‍රීලපාහ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් කේවයි ප්‍රියදර්ශණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ශ්‍රීලපාහ විසින් තම ඒකක වෙත පැමිණි රෙජිමේන්තු අධිපති තුමන්ව කදවුරු සම්මාණ මුරයක් පිරිනමමින් පිළිගන්නා ලදී. රෙජිමේන්තු අධිපති තුමන් මෙම සංචාරයේදී ඒකකයන් වශයෙන් ලබා ඇති ඡයග්‍රහන පිළිබඳව පැසසුමට ලක්කල අතර, අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ඒකකයන් යටතේ රාජකාරි කරනු ලබන සියලු දෙනා තුල විනය ඉතා උසස් මට්ටමකින් පවත්වාගැනීමෙන් යුද හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතයද සාර්ථක කරගත හැකි බැව් සදහන් කල අතර ඒකකවල දැනට පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකරය පිළිබඳව අවැසි උපදෙස් සහ මගපෙන්වීම් ලබාදෙමින් භඨ පිරිස් අමතා වටිනා දේශනයන්ද සිදුකරන ලදී. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද සහභාගී වන ලදී.