Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

15th August 2020 12:59:02 Hours

ගෞරවණීය උත්තමාචාරයන්ගෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් එම්ඩි විජේසුන්දර ආර්එස්පී

වර්ෂ 1965 ක් අප්‍රේල් මස 26 වන දින අනුරාධපුර මහරෝහලෙදි උපත ලද මංගල දේශප්‍රිය විජේසුන්දර අනුරාධපුර ශාන්ත ජොශප් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අතර එම පාසලේ ක්‍රිඩා කටයුතු වලදි කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර පොදු කටයුතු වලදි ද කැපිපෙනෙන දිප්තිමත් ශිෂ්‍යෙයකු වශයෙන් තම පාසැල් දිවිය සාර්ථකව නිම කිරිමෙන් අනතුරු දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1986 මාර්තු මස 31 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හමුදාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1987 මාර්තු මස 28 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3 වන බළඇණියට ඇතුළත් විය.

එතැන් පටන් වසර 34කට ආසන්න කාලයක් තම දිවියේ තාරුණ්‍ය යුද්ධ හමුදාව හා රට වෙනුවෙන් කැපකල මෙතුමන් යුද්ධ හමුදා සේවයට සමුදිම 2020 අප්‍රේල් මස 26 වන දින සිදුකල අතර රටෙහි පැවති කොරෝනා වසංගතය හේතුවෙන් එතුමන්ගේ සමුදිමේ උත්සවය පැවැත්විමට නොහැකි විය. ඒ අනුව සමුදීම සදහා 2020 අගෝස්තු මස 14 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිනි මේජර් ජෙනරාල් එම්ඩි විජේසුන්දර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රමානි 1 තුමන් විසින් මහත් ගෞරවයෙන් පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිළිගන්වන ලදි. පසුව රෙජිමේන්තුවට අයත් පරිවාරක රථ පෙරටුකොටගෙන එතුමන් සරඹ භූමිය වෙත කැඳවාගෙන එන ලද අතර රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් එතුමන්ව පිළිගැනිමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් එතුමන් ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන යන ලදි මෙහිදි වර්ණ ධජ, මංගල හස්තියාද ඇතුලත්ව අභිමානවත් සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමන ලදි.

ඉන් පසු 30 වසරක් පුරා පැවති යුද්ධයේදී මව්බිම වෙනුවෙන් ජීවදානය දුන් රණවිරුවන් සිහිකර රණවිරු ස්මාරකය අභිමුවදී පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව රෙම නිලධාරින් හා ජ්‍යෙකොනින් සමග ජයාරූපයකට පෙනිසිටිමෙන් පසු රෙජිමේන්තු බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේදී සම්ප්‍රදායානුකුල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.

පසුව සන්ධ්‍යා කාලයේදි නිලධාරි නිවස්නයේදී එතුමන් වෙනුවෙන් ඉතා ගාම්භිරවූත් අලංකාරවූත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කරන ලදි. අනතුරුව විශ්‍රාම ගන්නා මේජර් ජෙනරාල් එම්ඩි විජේසුන්දර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිල‍ධාරි වෙනුවෙන් රෙජිමේන්තු අධිපති තුමන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ කීර්තිමත් සේවය අගයමින් කථාවක් පවත්වා රෙජිමේන්තුවේ සියළු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන් එතුමන්ගේ ඉදිරි අනාගතයට සුබ ප්‍රාර්ථනා එක්කල අතර සමරු තිළිණයක් ද පිළිගන්වන ලදි. මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එම මැතිණියන්, ඒකකයන්හි අණදෙන නිලධාරින් හා නිලධාරින් සියයකට ආසන්න පිරිසක් සහභාගි විය.