Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th January 2021 00:38:12 Hours

අභිනවයෙන් පත් වු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටිසිකේ පිරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

වර්ෂ 1968 ක් වු ජුනි මස 24 වන දින නිමල් පීරිස් පියානන්ට හා ශර්ලි පීරිස් මෑණියන්ට දාව මොරටුව මහ රෝහලේදී ජන්ම ලැබු ක්‍රිශාන්ත පිරිස් සිසුවා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය වෙතින් උසස් අධ්‍යාපනය දක්වා සිප්සතර හදාරා ඇත. තම ස්වකීය පාසැල් දිවියේදී කැපී පෙනෙන දස්කම් දක්වා ඇති මෙම සිසුවා අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම පාසැලේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසත් ශිෂ්‍යභට කණ්ඩයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙසත් විෂය භාහිර ක්‍රියා කාරකම් වලදී මෙන්ම පොදු කටයුතු වලදීද දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් නායකත්වයේ උතුම් ගුණාංග විදහාපා ඇත.

සිය සාර්ථක පාසල් දිවිය නිමාවත් සමග ස්වකිය මාතෘ භූමිය මුහුණ දී ඇති කුරිරු ත්‍රස්තවාදී තර්ජනයන්ගෙන් මවි බිම මුදවා ගැනීම සිය වගකීම බව හදුනාගත් මේ භද්‍ර යෞවනයා වර්ෂ 1990 ක් වු ජුලි මස 14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ කෙඩෙට් නිළධාරි පාඨමාලා අංක 34 යටතේ ශ්‍රීලංකා යුද්ධ හමුදා විද්‍ය පීඨය වෙත ඇතුලත් විය.

අනතුරුව ඉතා සාර්ථකව කෙඩෙට් නිළධාරි පුහුණුව නිමකර වර්ෂ 1992 ක් වු ජුනි මස 06 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව අභිමානවත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ඇතුලත් වෙන ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තරුණ පාබල නිළධාරියෙකු වශයෙන් දැරිය යුතු සියලු දුරයන් හොබවා ඇති අතර එවැනි තනතුරු කිහිපයක් පහත සදහන් පරිදි වේ. 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඛණ්ඩ භාර නිළධාරි, බුද්ධි නිළධාරි, විධායක අධිකාරි, නිළධාරි අණදෙන, මෙන්ම 10 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුවේ දෙවන අණදෙචන නිළධාරි තනතුරද හොබවා ඇත. එමෙන්ම පාබල අණදෙන්නෙකු වශයෙන්, 23 වන ශි්‍රලංකා පාබල හමුදාවෙ අණදෙන නිළධාරි තනතුරද හොබවන ලද අතර රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මානි 1 (භකාස) වශයෙන්ද කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකා ද්වීපයේ සාමය, භෞමික අඛන්ඩතාවය හා ජාතික ආරක්ක‍ෂාව තහවුරු කිරිමෙහිලා ඉමහත් කැපකිරිමක් සහ මහගු දායකත්වයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු වශයෙන් මෙම නිළධාරියා හැදින්විය හැක, ජ්‍යෙෂ්ඨ අණදෙන්නෙකු හා විශිෂ්ඨ ගණයේ මාණ්ඩලික නිළධාරියෙකු වශයෙන් සිය වෘත්තිය නිමි වලලු පුළුල්කල මෙතුමන් බළසේනාධිපති වරයෙකු වශයෙන් 521 පාබල බළසේනාවටද අණදි ඇත, තවද රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක තනතුර භාර ගැනිමට ප්‍රථම මෙතුමන් රණසේවා අම නියෝජ්‍ය අධ්‍යක‍ෂක ලෙසද කටයුතු කර ඇත, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෘත්තීමය මෙන්ම ශාස්ත්‍රීය දැනුමෙන් සමන්විත වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර, මානව සම්පත් හා කම්කරු සබදතා පිලිබද පස්චාත් උපාධිය කොළඔ විශව විද්‍යාලය වෙතින් හදාරා ඇති අතර දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රැසක් හදාරා දැනුමෙන් පරිපූර්ණවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි තවද ශ්‍රී ලංකාද්විපයේ මෙන්ම ලෝක සාමය පවත්වාගෙන යාම උදෙසා 2007 වර්ෂයේ හයිටි රාජ්‍යයේ මෙන්ම ගමන්ගත් සාමසාධක බළඇණියෙහි නිළධාරි අණදෙන වරයකු වශයෙන්ද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි කටයුතු කරන ලදි.

1990 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද හමුදාව දියත්කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රිය දායකත්වය ලබාදී ඇති අතර, ඒකක අණදෙන නිලධාරියෙකු වශයෙන් අවසන් මානුෂීය මෙහෙයුම කාල පරිච්ඡේදයෙහි ඉටු කල අනගිභවනීය සේවාව ඉතා ප්‍රශංසනීය වේ. රුදුරු ත්‍රස්ථවාධින්ට එරෙහිව දියත්කරන ලද ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශනය කරනලද වික්‍රමාන්විත රණකාමිත්වය ඇගයීම වස්, මෙතුමන් හට රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම හිමි ගන්වා ඇත.

බ්‍රිගේඩියර් ටිසිකේ පිරිස් ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 26 වන සේනාවිධායක ලෙස රාජකාරි ආරම්භ කල මෙතුමන් නව තනතුරේ රාජකාරි සර්වප්‍රකාරයෙන් සාර්ථකව ඉටු කිරිම සදහා අවැසි ශක්තිය ධෛර්‍ය ලැබේවායි කියා රෙජිමේන්තුවේ සියලු නිලයින් වෙනුවෙන් ප්‍රාර්ථනා කර සිටිමි.

නවතමයෙන් වැඩ භාර ගන්නා දින කදවුරු මුරයක් ලබා දිමෙන් පසු භඨ පිරිස් අමතා හරවත් කතාවක් සිදුකර, 30 වසරක් පුරා පැවති යුද්ධයේදි මවිබිම වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සිහිකර ස්මාරකය අභිමුවදි පුෂ්පොපහාර පුද කිරිමෙන් අනතුරුව රෙජිමේන්තු බනි සැරයන් නිස්නයේහිදි සමිප්‍රදායානුකුලව තේ පැන් සංග්‍රහයක් ද මෙතුමන් වෙනුවෙන් පිලිගන්වා 2021.01.07 දින 26 වන සේනාවිධායක ලෙස සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.මෙම සියළු කටයුතු කොවිඩි 19 වෛරසය ව්‍යප්ත වීම වැලැක්විමේ නීති රීතීන්ට අනුකුලව සිදු කිරීම කැපි පෙනුනි.