Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

19th January 2021 06:43:09 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

වත්මන් යුද්ධහමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියත්මක නිවාස නොමැති රණවිරුවන් හට පුර්ණ නිවාස ඉදිකරදිමේ ව්‍යපතිය v යටතේ ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 10 ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් එම ඒකකය යටතේ සේවය කර 2008.04.03 දින වවුනියාව මන්නාරම් මාර්ගයේ අඔවත්ත ප්‍රදේශයේදි ක්‍රියාන්විත හේතුන් මත තම මාතෘ භූමියේ භෞමික අඛන්ඩතාවය සුරකිමේ පරම අධිෂ්ඨානයෙන් යුතුව තම ජිවිතය පුදකල දෙල්දෙනිවත්ත සියඔලාවත්ත, හෙම්මාතගම ලිපිනයේ පදිංචිව සිට මියගිය සෙ/314955 ලා/කෝ කල්වාන කේආර්කේඒ කොනොනිගේ ආදරණිය බිරිද වන ටිඒ සුමාලි රාජසේකර යන අය හට රු: 1500000.00 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු අධිපති තුමන්ගේ සුරතින් 2021.01.15 වන දින 09.03 පැයට යෙදුනු සුභ මොහොතින් නිළධාරිගේ ආදරණිය බිරිද හට භාරදෙන ලදි.මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම තවත් නිළධාරින් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.