Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th January 2021 13:22:05 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

වත්මන් යුද්ධහමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියත්මක නිවාස නොමැති රණවිරුවන් හට පුර්ණ නිවාස ඉදිකරදිමේ ව්‍යපතිය යටතේ ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මියගිය හා අබාධිත සෙසුනිලයින්ගේ ලගම ඥාතින් හට නිවසක් ඉදිකර දිමේ වැඩසටහන යටතේ නිවාස 04 ඉදිකර දිමේ සද්කාර්යයේදි, 15 ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය යටතේ 2008.07.20 වන දින මානුෂිය මෙහෙයුම 2 ක්‍රියාන්විතයේදි වැලිඔය ප්‍රදේශයේදි පුද්ගල නාශක බිම් බෝම්බයකට හසුවිමේන් තම වම්පාදය දන හිසට පහලින් ඉවත් කර ඇති කොහොඹ කඩවල තලාව, ලිපිනයේ පදිංචි සෙ/321188 සැරයන් කුමාර එස්එස් (ආර්එස්පි) යන ජෙකොනොනි හට රු: 1500,000’00 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිලධාරිතුමගේ ගෞරවනිය ආරාධනය මත නුදුරේදි ආරක්‍ෂකසේනා (නැගෙනහිර) ආඥාපති වශයෙන් වැඩභාර ගැනිමට නියමිත හා රෙජිමේන්තු මාහකරක සභාවේ ජ්‍යෙෂ්ඨ සමාජික මේජර් ජෙනරාල් සිඩි විරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.01.19 වන දින 10.34 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත ජෙකොනොනි හට භාරදෙන ලදි. මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක මෙන්ම තවත් නිලධාරින් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.