Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

29th December 2020 06:31:14 Hours

ශ්‍රීලපාහ සේවා වනිතා ශාඛාව වෙතින් දියත් කරනු ලැබු තවත් ප්‍රජාසත්කාරයක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය වන සුජීවා ශ්‍රීමති ද ආබ්‍රේව් මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 4 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/315206 වෛද්‍යරත්න ඩබ්එස්එම්පීකේ යන කොනොනිගේ අඩක් නිමකර ඇති නිවසේ ඉතිරි වැඩකටයුතු සදහා අනුමත කරන ලද රු:500,000.00 ක මුදලින් අවසන් වාරික මුදල වන රු:200,000.00 ක මුදලට අදාල ප්‍රේශණපතක් දැනට රටතුල පවතින කොරෝනා පැතිරීම වැලැක්වීමේ නීතිරීතීන්ට අනුකූලව 2020.12.23 වන දින ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගරු සභාපතිතුමියගේ සුරතින් තත් කොනොනි හට පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාව සදහා ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී තුමාද සහභාගී වන ලදි.