Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th January 2021 00:29:24 Hours

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අද්වීතිය හා නොමැකෙන සේවාවක් ඉටු කර ධුරයෙන් නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි

දශක 14 කට හෙවත් පුරා වර්ෂ 140 කට පෞඩ ඉතිහාසයක් හිමි පාබල හමුදා වංශකථාවෙහි නව පරිච්ජේදයක් සනිටුහන් කරමින් රටක් බතින් බුලතින් සහ කෘෂිකර්මයෙන් සමෘද්ධිමත් කරන්නාසේ පාබල හමුදා මාතාව පෙර නොවු විරු සමෘද්ධිමත් ස්ථානයකට ඔසවා තැබීමට අප්‍රමාණ උත්සාහයෙන් සහා මනාකැපවිමෙන් හා උත්කෘෂ්ඨ නායකත්වයක් ප්‍රදර්ශණය කර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව ප්‍රතක්‍ෂ කිරිම සදහා දිවා රාත්‍රි අව් වැසි නොතකා අපමණ වෙහෙසක් දරා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි සහ යටතෙහි වන ඒකකයන් හට මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තු අධිපති වරුන් 05 දෙනෙකු වෙත ඔවුන්ගේ කාර්ය භාරයන් හා රෙජිමේන්තු වගකීම් අනර්ඝව ඉටුකිරීම සදහා මහත් පිටිවහලක් වු බ්‍රිගේඩිය ඩිඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි සිය දුරයේන් 2021.01.07 දින නික්ම යන ලදි

වර්ෂ 2017.09.18 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක තනතුර භාරගැනීමේ අවස්ථාවේ සිට හා වර්ෂ 2019 ජනවාරි මස 02 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර දරණ ලද අවස්ථාවේ සිට අද දිනය දක්වා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව උදේසා සිදුකරන ලද සංවර්ධන ව්‍යපෘති සහ ඉදිකිරීම් වන දියතලාව රිවේලි නිවාඩු නිකේතන,පිහිනුම් තටාකය සහා පහසුකම් සැකසිමේ ගොඩනැගිල්ල,තෙමහල් කාර්යාල ගොඩනැගිල්ල,ටෙනිස් ක්‍රීඩා පිටිය,ස්කෝෂ් ක්‍රීඩා පිටිය,සෙසු නිළ භෝජනාගාරයෙහි දෙවන හා තෙවන මහල,සරඔ භුමියට පිවිසෙන මාර්ගය හා සරඔ භූමිය කාපට් ඇතිරිම,යෝගට් සහ යොගට් පානය නිෂ්පාදනය වැනි කාර්යයන් සාර්ථකව නිම කිරීමට දක්වන ලද කැපවීම අති මහත්ය.රෙජිමේන්තු අධිපතිවරුන් සදහා යෝධ ශක්තියක් වෙමින් වර්ෂ 2017 සිට මේ දක්වා සාර්ථකව සිදු කරන ලැබු සියළු සංවර්ධන ව්‍යාපෘති අධීක්‍ෂණ සහ නායකත්වය එම සංවර්ධන ව්‍යාපෘතින්හි සාර්ථකත්වය සෘජුවම දායකත්වය දැක්වු ජ්‍යෙෂ්ඨ නායකයකි.තවද, රෙජිමේන්තු සේනාවිධායක තනතුරේ රාජකාරි භාරගැනීමේ සිට මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානය අතිවිශිෂ්ඨ ඉසවු කිහිපයක්ම යුධහමුදාධිපති, ආරක්‍ෂක ලේකම් හා වෙනත් සම්භාවනීය අමුත්තන් සහභාගි කරවා ඉතා අග්‍රගන්‍ය ලෙස මෙන්ම චමත්කාර ජනක ලෙස සාර්ථකව සිදුකරනු ලැබු අතර, එම සියළුම ඉසවු සමස්ථ යුද්ධ හමුදාවෙහිම පැසසුමට භාජනය විය.එම සියළුම ඉසවු සාර්ථකත්වයෙන් සාර්ථකත්වය දක්වා රැගෙන යාමට එවකට සිටි රෙජිමේන්තු අධිපති වරුන්ට ලබාදෙනු ලැබු සහයෝගය අතිවිශිෂ්ඨ අතර, ඒ සදහා රෙජිමේන්තු කාර්ය මණ්ඩලය සදහා ලබාදෙනු ලැබු නායකත්වය අද්විතිය වේ.

බ්‍රිගේඩියර් අනුර දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමණි, පුරා වසර 02 ක් මුලුල්ලේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර දරනු ලැබු වකවානුව තුල රෙජිමේන්තුව ලද සංවර්ධනය අතිමහත් වන අතර, රෙජිමේන්තු කිර්තිනාමය උද්දීපනය කිරිමට දක්වන ලද කාර්යභාරයත් ගෞරවයෙන් සිහි කල යුතු වේ.රෙජිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට රෙජිමේන්තු සරඹ කණ්ඩායමක් අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියේ ජයග්‍රහණය කරා මෙහෙයවීමට සහ අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ ආධුනික තරගාවලියේ ජයග්‍රහණය කිරිම. සෙබළුන්ට ආවේනික සරඹ සහ වෙඩි තැබිමේ තරගාවලියන්හි එකම වසරක ශුරතාවය එකම රෙජිමේන්තුවක් දිනාගනු ලැබු ප්‍රථම අවස්ථාව ලෙස යුද්ධ හමුදා ඉතිහාසය තුලට එක්වීම මෙතුමන් ලද භග්‍යයකි.

මෙතුමන්ගේ දුරදර්ශි නායකත්මය මත පසුගිය වසර කිහිපයේදි ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුව ක්‍රිඩා අංශයෙන් විශිෂ්ඨ දක්‍ෂතා ප්‍රදර්ශනය කරන ලද අතර එවැනි දක්‍ෂතා වාර්ථා කිරිමට මෙතුමන් විසින් ලබාදෙනු ලැබු උපදේශනය සහ දිරිගැන්විම සෘජුවම බලපැ බව අවිවාදය.තවද රෙජිමේන්තුව වෙතින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යලය පාඨමාලාව සදහා සුදුසුකම් ලබන නිලධාරින් සංඛ්‍යාය ඉහල දැමිම මෙතුමන්ගේ ප්‍රධාන අරමුණනක් වු අතර ඒ අනුව අවසන් වසර දෙක තුල වාර්ථාගත ලෙස ඉතිහාසයේ වැඩිම නිළධාරි සංඛ්‍යාවක් එම පාඨමාලාව හැදාරිම සදහා සුදුසුකම් ලබාදිමට මෙතුමන්ගේ නායකත්වය තුලින් හැකි වුවේය.

සමුගන්නා දින කදවුරු මුරය ලබා දිමෙන් පසු නියෝජ්‍ය සේනාවිධායක තුමන් විසින් එතුමන් ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන යන ලදි. මෙහිදි කණ්ඩුල හස්ථියා ප්‍රමුඛ අභිමානවත් සම්මාන පෙලපාලියක් එතුමන් වෙත පිරිනමා පසුව භටපිරිස් අමතා හරවත් කථාවක් සිදුකල අතර, 30 වසරක් පුරා පැවති යුද්ධයේදී මව්බිම වෙනුවෙන් දිවි දුන් රණවිරුවන් සිහිකර රණවිරු ස්මාරකය අභිමුවදී පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව රෙජිමේන්තු බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේදී සම්ප්‍රදායානුකුල තේ පැන් සංග්‍රහයක්ද පිළිගන්වා මෙතුමන් රෙජිමේන්තුවෙන් නික්ම යන ලද අතර, මෙම සියළු කටයුතු කොවිඩි 19 වෛරසය ව්‍යප්ත වීම වැලැක්විමේ නීති රීතීන්ට අනුකුලව සිදු කිරීම කැපි පෙනුනි.