Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

01st July 2020 19:25:51 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියු

වර්ෂ 1967 ක් නොවැම්බර් මස 26 වන දින ගාල්ල රෝහලෙදි උපත ලද ට්‍රිස්ලි ජගත් කොඩිතුවක්කු ගාල්ල ඇලෝෂියස් විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අතර එම පාසලේ ක්‍රිඩා කටයුතු වලදි කැපිපෙනෙන දක්ෂතා දක්වා ඇති අතර පොදු කටයුතු වලදි ද කැපිපෙනෙන දිප්තිමත් ශිෂ්‍යෙයකු වු මෙතුමා පාසැල් කාලයේ කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශීෂ්‍ය භඨ කණ්ඩායම් වල ශීෂ්‍ය භඨයෙකු වශයෙන් තම පාසැල් දිවිය සාර්ථකව නිම කිරිමෙන් අනතුරු දේශයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වස් වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 දින ශ්‍රීලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් පසු වර්ෂ 1987 ජුලි මස 23 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 3 වන බළඇණියට ඇතුළත් විය.

ඉන් පසු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 6 ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩ භාර නිලධාරි වශයෙන් අනුයුක්තව ශ්‍රිලපාහ ඒකකයන්හි දැරිය යුතු සියලුම තනතුරු හොබවා දැඩි කැපවීමෙන් හා වග කීමෙන් යුතුව රාජකාරි ඉටු කිරීමෙන් පසු 10 වන බළඇණිය ශ්‍රි ලංකා පාබල හුමුදාව මෙහෙය විමේ මහගු භාග්‍යයද උදාකර ගන්නා ලදි. ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරියෙකු ලෙස ශ්‍රි ලංකාද්විපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි කරන ලද දක්‍ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

තවද ජ්‍යෙෂ්ඨ අණදෙන්නෙකු, මාණ්ඩලික නිලධාරියෙකු ලෙස වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රමානි 11 මනෝවිද්‍යාත්මක අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිලධාරි ප්‍රමානි 11 රෙම ශ්‍රීලපාහ, ප්‍රමානි 11 පුහුණුඅම, ජ්‍යෙෂ්ඨ උපදේශක රාජකාරි සාමසාධක පුහුණු පාසැල - කුකුලේගග, නිලධාරි අණදෙන පුහුණු අංශය රෙම ශ්‍රීලපාහ, මානි 1 (පාලන) රෙම ශ්‍රීලපාහ, ප්‍රමානි 1 (සම්බන්ධිකරණ) 21 සේනාංක මුලස්ථානය, සේනාවිධායක රෙම ශ්‍රීලපාහ, 532 හා 512 යන බළසේනාවන්හි බළසේනාධිපති, ඒකාබද්ධ ආරක්‍ෂක සම්බන්ධිකරණ යුද්ධ හමුදා මුලස්ථානය, සේනාවිධායක පාබල පුහුණු මධ්‍යස්ථානය මින්නේරිය, ආරක්‍ෂක අමාත්‍යාංශයෙහි හමුදා සම්බන්ධිකරණ නිලධාරි, සේනාවිධායක යුද්ධ හමුදා පුහුණු පාසැල මාදුරුඔය, වැනි ස්ථානවල ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටුකර ඇත. තවද මෙතුමන් දැනට 66 සේනාංකයේ සේනාංකාධිපති ලෙස සුවිශේෂි සේවාවක් ඉටුකරනු ලබයි. තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෘත්තිමය මෙන්ම ශාස්ත්‍රීය දැනුමෙන් සමන්විත වු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර දේශිය මෙන්ම විදේශිය පාඨමාලා සහ විදේශිය වැඩමුලු රාශියකට සහභාගිවි දැනුමෙන් පරිපුර්ණ වු ජ්‍යෙෂ්ඨ නිලධාරයෙකි. 1987 වර්ෂයේ සිට වන්නිමානුෂිය මෙහෙයුම දක්වා යුද හමුදාව දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සදහා සක්‍රිය දායකත්වය මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබාදි ඇත අතර, ඒකක අණදෙන නිලධාරියෙකු සහ බලසේණාධිපති වරයෙකු වශයෙන් අවසන් මානුෂිය මෙහෙයුම කාලපරිජේදයෙහි මෙතුමා අනගිභවනීය සේවායක් යුද හමුදාවට මෙන්ම සමස්ථ ශ්‍රි ලංකාද්විපයට ලබාදි ඇත. එම ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශනය කරන ලද රණකාමිත්වය ඇගයිම වස් මෙතුමන් හට රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම හා දේශපුත්‍ර පදක්කම් හිමි ගන්වා ඇත.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2020 ක්වූ ජුනි මස 29 වන දින සපැමිණි මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිණමනු ලැබූ අභිමානවත් හා ගාම්භීර කදවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකිරීමෙන් අනතුරුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් භඨ පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත, ආදර්ශමත් පණිවිඩයක් සියලුම නිලයින්හට ඉදිරිපත් කරන ලදී. පසුව පැමිණ සිටි සියලුම නිලධාරින් සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටින ලද අතර, අනතුරුව බනි/සැරයන් නිවස්නයේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගී වූ අතර මෙම අභිමානවත් උත්සවය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි මැතිතුමන්ගේ පූර්ණ අශීර්වාදයෙන් හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ මගපෙන්වීම මත නියෝජ්‍ය සේනාවිධායක තුමන්ගේ පූර්ණ අධික්ෂණය යටතේ සිදුවිය. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවටඅයත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් රැසක් සහ රෙසැමේ ඇතුලු සියලුම නිලයින් සහභාගී විය.