Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th February 2021 13:31:16 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

වත්මන් යුද්ධහමුදාධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිවාස නොමැති රණවිරුවන් හට පුර්ණ නිවාස ඉදිකරදිමේ ව්‍යපෘතිය යටතේ ශ්‍රිලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මියගිය හා ආබාධිත සෙසුනිලයින්ගේ ලගම ඥාතින් හට නිවසක් ඉදිකර දිමේ වැඩසටහන යටතේ රෙජිමුබ ශ්‍රිලපාහ ඒකකයේ ශ්‍රම දායකත්වය යටතේ 2008.10.25 වන දින මානුෂිය මෙහෙයුම් ක්‍රියාන්විතයේදි මුලතිවු ප්‍රදේශයේදි පුද්ගල නාශක බිම් බෝම්බයකට හසුවිමෙන් තම දකුණු පාදය දන හිසට පහලින් ඉවත් කර ඇති වැලහේන වත්ත, පනාවල , නිට්ටබුව ලිපිනයේ පදිංචි සෙ/318656 සැරයන් සුමනදාස ඩබ්ලිව්ඒ යන ජ්‍යෙකොනොනි හට රු: 1500,000’00 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස රෙජිමුබ ශ්‍රිලපාහ අණදෙන නිලධාරිතුමගේ ගෞරවනිය ආරාධනය මත ආරක්‍ෂකසේනා (බටහිර) ආඥාපති හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව්ආර් ද ආබ්‍රේව් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.02.07 වන දින 0852 පැයට යෙදුනු සුභ මොහොතින් ඉහත ජ්‍යෙකොනොනි හට භාරදෙන ලදි. මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන සේනාවිධායක මෙන්ම තවත් නිලධාරින් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.