Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th February 2021 12:11:02 Hours

නිවසක් නැති රණවිරුවන් හට හිසට සෙවනක්

ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමෙන්තු අධිපති තුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ලද පාබල හමුදා රෙජිමේන්තුවේ සියළුම ඒකක නියෝජනය වන පරිදි එක් ඒකකයක් විසින් නිවසක් නොමැති රණවිරුවකු හට නිවසක් ඉදිකර දිමේ ව්‍යපෘතිය යටතේ නිවාස 20 ඉදිකර දිමේ සද්කාර්යයේදි 11 ශ්‍රිලපාහ ඒකකයේ මුල්‍ය හා ශ්‍රම දායකත්වය යටතේ රිදිබැදිඇල්ල, වාරියපොල ලිපිනයේ පදිංචි සෙ/319851 කෝප්‍රල් වෛද්‍යතිලක ජේආර්පි, යන කොනොනි හට රු: 1,399563.77 ක ඇස්තමේන්තු ගත වටිනාකමකින් යුත් අංග සම්පුර්ණ නිවස ඒකක අණදෙන නිළධාරිතුමාගේ ගෞරවනිය ආරාධනය මත රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් පිජේපි ගමගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සුරතින් 2021.02.10 වන දින 09.47 පැයට යෙදුනු සුභ මොහොතින් කොනොනි හට භාරදෙන ලදි. මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක මෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ සෙසුනිලයින් සුළු පිරිසක් සහභාගි වු අතර, රටෙහි පවතින කොරෝනා වෛරසය පැතිරිම වැලැක්විමේ නිති රිතින්ට අනුගතව සිදුකිරිම විශේෂත්වයකි.