Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

26th August 2022 18:28:09 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී

මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 1989.08.02 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් මූලික පුහුණුව ඉතා සාරAථකව නිම කිරීමෙන් පසු වරAෂ 1990.04.30 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමෙzන්තුවේ 5 වන (ස්වේච්ඡා) බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකූ ලෙස ඇතුළත් විය.

උපදේශක නිලධාරියෙකු හා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදරAශනය කර ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී ප්‍රමානි 3 (පුහුණු) හා මානි 2 ආධුනික බඳවා ගැනීමz - ස්වේච්ඡා බළසේනා මූලස්ථානය, දෙවන අණදෙන නිලධාරී - 14 (සෙව්) ශ්‍රීලපාහ, අණදෙන නිලධාරී - 22 වන ශ්‍රීලංජාආබමු, සිවිල් සමzබන්ධීකරණ නිලධාරී - 61 පාබල සේමූ, ජ්‍යේෂ්ඨ පුහුණු සමzබණ්ධීකරණ නිලධාරී - රණවිරු සම්පත් කේන්ද්‍රය, මනෝවිද්‍යා උපදේශක - පුනරුත්ථාපන අධ්‍යාපන අධ්‍යක්ෂ කාරAයාලය, ප්‍රධාන සමzබන්ධීකරණ නිලධාරී - ආසේමූ (කිලි), කර්නල් සමzබන්ධීකරණ - 54 පාබල සේමූ, කරAනල් (පාලන) - ස්වේච්ඡා බළසේනා මූලස්ථානය, වැඩ බලන බ්‍රිගේඩියරA (පාලන) - ස්වේච්ඡා බළසේනා මූලස්ථානය, බ්‍රිගේඩියරA සමzබන්ධීකරණ නිලධාරී - ආසේමූ (මුලතිව්), පුහුණු පරීක‍්ෂක - ස්වේච්ඡා බලසේනා මූලස්ථානය ආදී යුද හමුදාවේ උසස් තනතුරු හොබවා වර්තමානයේ ස්වේච්ඡා බළසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක වශයෙන් රාජකාරී සිදුකරණු ලබයි.

තම සේවා කාලය අතරතුර දේශීය හා විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇති මෙතුමන් ඛණ්ඩභාර නිලධාරී පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව, මනෝවිද්‍යා අධ්‍යයන පාඨමාලාව, උසස් සිවිල් සම්බන්ධීකරන පාඨමාලාව, රෙජිමෙzන්තු ගිණුම්කරණ පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, ආපදා කලමනාකරණ පාඨමාලාව, මානව සම්පත් කලමනාකරණ පාඨමාලාව, මානව සබදතා හා පවුල් උපදේශනය පිලිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව, මත්ද්‍රව්‍ය පිළිබඳ උපදේශන පාඨමාලාව හා කොළඹ විශ්ව විද්‍යාලය වෙතින් මානව සමzපත් කලමනාකරණ ශාස්ත්‍රපති උපාධිය ද හිමිකරගෙන ඇත. විදේශීය පාඨමාලා අතරින් ඉන්දියාවේ දී කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව ද හදාරා ඇත.

හසල දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී 1990 වරAෂයේ සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දියත්කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති අතර, වසර 33 ක් වූ තම යුද්ධ හමුදා දිවියේ නිකලැල් සේවය වෙනුවෙන් ලබාදෙනු ලබන කාර්යක්ෂම සේවා පදක්කමින් ද පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2022 ක් වූ අගෝස්තු මස 23 වන දින සපැමිණි මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලැබූ අභිමානවත් කඳවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදුකර පැමිණ සිටි සියලුම නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. පසුව මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. අනතුරුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගී විය. මෙම අභිමානවත් උත්සවය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ටීජේ කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ උපදෙස් හා මඟපෙන්වීම මත හා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ටීසීකේ පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.