Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

06th August 2022 12:23:26 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවණීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් ජීජීඒඑස් වික්‍රමසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරී

වසර 34 ක යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ මේජර් ජෙනරාල් ජීජීඑ්එස් වික්‍රමසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2022 අගෝස්තු මස 05 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් සිදු කරන ලද මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී, විශ්‍රාම යන විට 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි සිදුකරන ලදී. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනමන ලදී. ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජිවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලද අතර, පසුව රෙජිමේන්තු මධ්‍යස්ථානය අභියස දී සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී. තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකළ එතුමන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය. එහි දී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරාල් ජීජීඑ්එස් වික්‍රමසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සේවය ඇගයීමට ළක් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී. මෙම වැඩසටහන සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු සියළුම මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර, විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ විශ්‍රාම දිවිය සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ ශුභාශිංසන මෙසේ එක්කරන්නෙමු.