16th June 2024 11:00:13 Hours
යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ 17 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ සිව්වන අදියර සනිටුහන් කරමින් 2024 ජුනි මස 14 වන දින 8 වන ශ්‍රීලපාහ බළඇණියේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.
14th June 2024 21:26:25 Hours
මේජර් ජෙනරාල් ඩබ්ලිව්ජීපී සිසිර කුමාර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 1988.01.07 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1988.06.17 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 5 (සෙව්) ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. පසුව 9 (සෙව්) ශ්‍රීලපාහ බළඇණියට ඇතුලත්ව එහි දෙවන අණදෙන නිලධාරී තනතුර හා අණදෙන නිලධාරීයෙකු ලෙස එම බළඇණිය මෙහෙයවීමේ මහඟු භාග්‍ය ද උදාකරගන්නා ලදී.
17th May 2024 06:47:04 Hours
වසර 143 ක් ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් 100 වන මහා කාරක සභා රැස්වීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2024 ක් වූ මැයි මස 16 වන දින පාබල හමුදා රෙජිමේන්තු පරිශ්‍රයේදී අතිසාර්ථකව පවත්වන ලදී.
16th May 2024 23:28:13 Hours
රෙජිමේන්තු සහ ඊට අයත් බළඇණියන්හි පාලන කටයුතු විධිමත්ව සහ කාර්යක්ෂමව සිදුකිරීමේ අරමුණින් යුද හමුදා මූලස්ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන 2023 වර්ෂය සඳහා වූ පාලන පරීක්ෂාව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබ්ලිව්එච්කේඑස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2024 ක් වූ මැයි මස 14 වන දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි දී පවත්වන ලදී.
03rd May 2024 21:10:10 Hours
යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආධුණික පුහුණු සම්බන්ධීකරණ අංශය - පුත්තලම අධීක්ෂණය යටතේ පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් බුස්ස පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද ආධුණික පුහුණු පාඨමාලා අංක 108 (නිත්‍ය) හි විසිරයෑමේ උත්සවය 2024 මැයි මස 03 වන දින යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම දැනට යුද්ධ හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
30th April 2024 06:53:45 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා 17 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ තෙවන අදියර සනිටුහන් කරමින් 2024 අප්‍රේල් මස 28 වන දින එකොලොස්වන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.
23rd April 2024 21:56:42 Hours
වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 22 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
12th April 2024 12:49:21 Hours
රෙම ශ්‍රීලපාහ සූර්යමංගල්‍යය උත්සවය 2024 ක්වූ බක් මස 10 වන දින යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම දැනට යුද්ධ හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී සහ පාබල හමුදා සේවා වනිතා සංගමයේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ ප්‍රධානත්වයෙන් පාබල හමුදා රසල්හයින් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් ජාතික ධජය හා රෙජිමේන්තු ධජය ඔසවා උත්සවත්ශ්‍රීයෙන් ආරම්භ කරන ලදි.
02nd April 2024 18:48:21 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා 17 වන රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ දෙවන අදියර සනිටුහන් කරමින් 2024 අප්‍රේල් මස 02 වන දින පළවන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.
01st April 2024 22:35:57 Hours
වර්ෂ 1945 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රීමත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා සංගමය වර්තමානය වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉපැරණීම හමුදා සංගමය වේ. එහි 71 වෙනි වාර්ෂික මහා සමුළුව 2024 මාර්තු මස 30 දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහිදී විශ්‍රාමික නිලධාරීන් ඇතුළු එහි සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවැත්වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාබල හමුදා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී විය.