Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

24th June 2024 22:15:02 Hours

පොසොන් පුන් පොහෝ දිනයට සමගාමීව සුමධුර ධර්මදේශනයක්

ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ පණිවුඩය රැගෙන පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. එතැන් සිට නිර්මල බුදු දහම පදනම්ව සම්බුද්ධ ශාසනයේ ඇතිවූ චිරස්ථායී දියුණුව හා නව බෞද්ධ ප‍්‍රබෝධයෙන් ලංකාවාසීන් මිත්‍යා මතවලින් මිදී සැබෑ ලෝකය දකින මනසින් උසස් ඇත්තන් වූහ.

එම පින්බර පොසොන් පුන් පොහෝ දිනය සිහිපත් කරමින් එයට සමගාමීව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ පිංබර සංකල්පයකට අනුව, ආචාර්ය රාජකීය පණ්ඩිත බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් 2024 ක් වූ ජුනි මස 23 ක් වන දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේදී සුමධුර ධර්මදේශනයක් පවත්වන ලදී.

මෙම සුමධුර ධර්මදේශනාව ශ්‍රවනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවයේ නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරීන්, පාබල හමුදා සංගමයේ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රීලපාහ සේවාවනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන් ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු ජේකො‍නොනින්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසී බැතිමතුන් විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් සිදු විය.