Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th May 2024 23:28:13 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් පැවති 2023 වර්ෂයට අදාල පාලන පරීක්ෂාව

රෙජිමේන්තු සහ ඊට අයත් බළඇණියන්හි පාලන කටයුතු විධිමත්ව සහ කාර්යක්ෂමව සිදුකිරීමේ අරමුණින් යුද හමුදා මූලස්ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන 2023 වර්ෂය සඳහා වූ පාලන පරීක්ෂාව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබ්ලිව්එච්කේඑස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2024 ක් වූ මැයි මස 14 වන දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි දී පවත්වන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තුමන්, යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ වත්මන් පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා අර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

මෙහිදී පාලන පරීක්ෂාවේ කටයුතු ආරම්භ කරමින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් පාලන පරීක්ෂාවක් පැවැත්වීමේ ඇති වැදගත්කම අවධාරණය කරන ලදී. අනතුරුව විවිධ අධ්‍යක්ෂ මණ්ඩලවලට අදාළ අධ්‍යක්ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් විසින් ගැටළු නිරාකරණය කර ගතයුතු අකාරය සහ නිරීක්ෂණයන් වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් සබැදිව දැනුවත් කරන ලදී.

මෙවර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී පාලන පරීක්ෂාවේ සංවිධාන කටයුතු සිදුකිරීම රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකළ අතර, බළඇණි අණදෙන නිලධාරීන්ගෙන් හා සියලුම ජ්‍යේකොනොනීන් හා සෙසුනිලයින්ගෙන් ලද සහයෝගය මත රෙජිමේන්තුවේ පාලන ගැටළු රාශියන් නිරාකරණය කරගැනීමට හැකිවීම විශේෂයෙන් සඳහන් කළ යුතු අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් රෙජිමේන්තු අධිපති විසින් මාණ්ඩලික ප්‍රධානි වෙත සමරු තිළිණයක්ද ප්‍රධානය කරන ලදී.