05th September 2025 07:16:21 Hours
අභිමානවත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ උන්නතිය උදෙසා මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘධිය උදෙසා පුරා වසර 33 කට අධික කාලයක් තම විශිෂ්ඨ සේවය ලබාදෙමින් මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා වර්ෂ 2025 ක් වූ සැප්තැම්බර් මස 04 වන දින තම මව් රෙජිමේන්තුව වෙත සපැමිණි මේජර් ජෙනරාල් එස්ඒයූඒ සෝලංගආරච්චි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයක් පිරිනමනු ලැබීය
03rd September 2025 18:27:32 Hours
වසර 32 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
07th August 2025 14:52:12 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිණියගේ උදාරතර සංකල්පයකට අනුව 30 වසරක ශාපලත් යුද්ධය ශ්‍රි ලංකාද්වීපයෙන් මුලිනුපුටා දමා ත්‍රස්තවාදය තුරන් කර රටට තිරසාර සාමය උදාකරලීමේ ක්‍රියාන්විතයන්හිදී රටදැය වෙනුවෙන් තම ජීවිතදානය පුදකළ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් අවිවාහක වීරෝදාර රණවිරුවන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයින් සමඟ එක්ව මියගිය රණවිරුවන් සිහිපත් කර පිංපැමිණවීමේ පිංකමක් 2025 ක් වූ අගෝස්තු මස 01 වන දින අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදී.
28th July 2025 21:08:47 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා 18 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රෙජිමේන්තු අධිපති තනතුරේ රාජකාරි භාර ගැනීමෙන් පසු සම්ප්‍රදානුකුලව සිදුකරනු ලබන ඒකක සංචාරයන්හි තවත් පියවරක් වශයෙන් පාලිනගර් ප්‍රදේශයෙහි ස්ථානගත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත 2025 ජුලි මස 26 දින සංචාරය සිදුකරන ලදි. එතුමන් ඒකක අණදෙන නිලධාරි වන ලුතිතන් කර්නල් ඩිඑන්ටි ද සොයිසා ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා සියලු නිලයින් විසින් ඉතා උණුසුම් අන්දමින් පිලිගන්නා ලදි.
07th July 2025 22:13:16 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වෙනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (DCOS) ලෙස ශ්‍රී ලංකා පාබළ හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී 2025 ක් වූ ජුනි මස 26 වෙනි දින පත්විම නිමිත්තෙන් 2025 ජුලි මස 04 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි උපහාර උළෙලක් පවත්වන ලදී.
27th June 2025 16:29:42 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වෙනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (DCOS) ලෙස ශ්‍රී ලංකා පාබළ හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී 2025 ක් වූ ජුනි මස 26 වෙනි දින සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
21st June 2025 11:42:14 Hours
ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. ඒ තැන් සිට නිර්මල බුදු දහම පදනම්ව සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී දියුණුව හා නව බෞද්ධ ප්රබෝධයක් ඇති විය. මෙම සුවිශේෂී ඓතිහාසික දිනය සිහිපත් කරගනිමින් එයට සමගාමීව ආඥාපති ආසේමු (යාපනය) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්වීම මත සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනි යහම්පත් මැතිනියගේ ප්‍රධානත්වයෙන් මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.
13th June 2025 11:20:35 Hours
ලොව්තුරා සම්බුදු රජාණන් වහන්සේගේ සම්බුද්ධ පණිවුඩය රැගෙන පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. එතැන් සිට නිර්මල බුදු දහම පදනම්ව සම්බුද්ධ ශාසනයේ ඇතිවූ චිරස්ථායී දියුණුව හා නව බෞද්ධ ප්‍රබෝධයෙන් ලංකාවාසීන් මිත්‍යා මතවලින් මිදී සැබෑ ලෝකය දකින මනසින් උසස් ඇත්තන් වූහ.
10th March 2025 10:11:52 Hours
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පැරණිතම රෙජිමේන්තුව වන පාබල හමුදා රෙජිමේන්තුවේ 30 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්කේඑස්පීඑම්ආර්ඒබී දොඩම්වල පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී 2025.03.03 වන දින සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.
27th February 2025 13:08:16 Hours
ආඥාපති ආසේමූ (යාපනය) සහ පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ඉදිරි දැක්ම මත පදනම්ව රෙජිමේන්තුවට අයත් සියලුම නිලයන්ගේ සුබසාධන කටයුතු කාර්යක්ෂමව ඉටුකරදීම හා රාජකාරි කටයුතු ක්‍රමවත්ව සිදුකරගැනීමේ නව සංවර්ධන සැලැස්මට අනුව රෙජිමේන්තු මධ්‍යස්ථානය තුළ සුබසාධන ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.