Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • රට දැය රැකුමට තවත් - සෙබළ පුතුන් පිරිසක් එක්වූ වගයි...

    03rd May 2024 21:10:10 Hours

    යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආධුණික පුහුණු සම්බන්ධීකරණ අංශය - පුත්තලම අධීක්ෂණය යටතේ පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් බුස්ස පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද ආධුණික පුහුණු පාඨමාලා අංක 108 (නිත්‍ය) හි විසිරයෑමේ උත්සවය 2024 මැයි මස 03 වන දින යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම දැනට යුද්ධ හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ 11 ශ්‍රීලපාහ බළඇණි සංචාරය

    30th April 2024 06:53:45 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා 17 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ තෙවන අදියර සනිටුහන් කරමින් 2024 අප්‍රේල් මස 28 වන දින එකොලොස්වන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී

    23rd April 2024 21:56:42 Hours

    වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 22 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  • පාබල හමුදා සූර්ය මංගල්‍යය - 2024

    12th April 2024 12:49:21 Hours

    රෙම ශ්‍රීලපාහ සූර්යමංගල්‍යය උත්සවය 2024 ක්වූ බක් මස 10 වන දින යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම දැනට යුද්ධ හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී සහ පාබල හමුදා සේවා වනිතා සංගමයේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ ප්‍රධානත්වයෙන් පාබල හමුදා රසල්හයින් ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් ජාතික ධජය හා රෙජිමේන්තු ධජය ඔසවා උත්සවත්ශ්‍රීයෙන් ආරම්භ කරන ලදි.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ 1 ශ්‍රීලපාහ බළඇණි සංචාරය

    02nd April 2024 18:48:21 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා 17 වන රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ දෙවන අදියර සනිටුහන් කරමින් 2024 අප්‍රේල් මස 02 වන දින පළවන බළඇණිය ශ්‍රීලංකා පාබල හමුදාවේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා සංගමයේ 71 වෙනි වාර්ෂික මහා සමුළුව - 2024

    01st April 2024 22:35:57 Hours

    වර්ෂ 1945 දෙසැම්බර් මස 17 වන දින ශ්‍රීමත් ජෙනරාල් සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පාබල හමුදා සංගමය වර්තමානය වන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉපැරණීම හමුදා සංගමය වේ. එහි 71 වෙනි වාර්ෂික මහා සමුළුව 2024 මාර්තු මස 30 දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහිදී විශ්‍රාමික නිලධාරීන් ඇතුළු එහි සාමාජිකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පවැත්වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පාබල හමුදා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන මේජර් ජෙනරාල් ටීටීආර් ද සිල්වා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී විය.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ බළඇණි සංචාරයන්

    26th March 2024 18:08:14 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා 17 වෙනි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා අර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමෙන්තු අධිපති ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ ප්‍රථම අදියර සනිටුහන් කරමින් 2024 මාර්තු මස 22 වන දින 12, 15, සහ 19 යන ශ්‍රීලපාහ බළඇණිවල ද, 2024 මාර්තු මස 23 වන දින 3,7,10, හා 9 (සෙව්) යන ශ්‍රීලපාහ බළඇණිවල ද, 2024 මාර්තු මස 24 වන දින 4, 6 හා 17 (සෙව්) යන ශ්‍රීලපාහ බළඇණිවල නිරීක්‍ෂණ සංචාරයන් සිදුකරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී සුබ මොහොතින් රාජකාරී අරඹයි

    18th January 2024 19:06:55 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් පත්වූ මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී භාරගැනීම සඳහා 2024 ජනවාරි මස 16 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදාවේ 16 වන රෙජිමේන්තු අධිපතිවූ මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී තම මව් රෙජිමේන්තුවේ ගෞරවණීය උත්තමාචාරය ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යයි...

    16th January 2024 21:30:09 Hours

    වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු ගෞරවාචාරය පුදකිරීමේ උත්සවය 2024 ජනවාරී මස 14 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

  • අභිනවයෙන් විවෘතවූ රෙජිමේන්තු "බී" පිවිසුම් දොරටුව හා මුරහල.

    11th January 2024 19:21:57 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ඇතුලුවීමට පිවිසුම් දොරටු දෙකකින් සමන්විත අතර, පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත කඳවුරෙහි “බී” දොරටුව හා එම දොරටුවෙන් ඇතුලු වන ගමන් මාර්ග ප්‍රදේශය නවීකරණය කර එම ආසන්නයේ නවීන අංගෝපාංගවලින් සමන්විත මුරහලක් ස්ථාපනය කිරීමට උපදෙස් ලබාදෙන ලදී.