07th December 2024 00:17:13 Hours
1999 වර්ෂයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පිහිටුවනු ලැබූ පාබල හමුදා සේවාවනිතා ශාඛාව එදා මෙදා තුර පාබල හමුදාවේ උදාර රණවිරුවන් වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකරනු ලබයි. රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ගේ විවිධ සුභසාධන අවශ්‍යතා ඉටුකරමින් සුභසාධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා ද සුවිශාල දායකත්වයක් සපයනු ලබයි.
29th November 2024 22:41:08 Hours
වර්ෂ 1992 ක්වූ නොවැම්බර් මස 20 වන දින යාපනය මණ්ඩතිව් දුපතේදී ලුතිනන් කර්නල් ජීඑම් රොක්වුඩ් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ නායකත්වවෙන් ඇරඹි 7 ශ්‍රීලපාහ බළඇණිය තම 32 වෙනි සංවත්සරය ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් මහත් අභිමානවත්ව සමරන ලදී.
26th November 2024 09:18:42 Hours
ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ සංකල්පයක් මත 75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අඩු ආදායම් ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකර දීමේ මහඟු සත්කාරයකට මුලපුරන ලදී.
10th November 2024 23:12:54 Hours
ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් පාබල හමුදාවට අයත් රණවිරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන සුභ සාධන කටයුතු වල තවත් පියවරක් ඉදිරියට තබමින් ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ උදාරතර සංකල්පයක් මත 2024.11.09 වන දින රෙම ශ්‍රිලපාහට අයත් නිලධාරින්ගේ සහ සෙසු නිලයින්ගේ භාර්යාවන් 150 කගේ පමණ සහභාගිත්වයෙන් සුපවේදී වැඩමුළුවක් පවත්වන ලදී. ඒ සඳහා පුර්ණ අනුග්‍රාහය නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම වෙතින් ලබාදුන් අතර, සුවදායි හා පෝෂදායි ආහාර යන තේමාව යටතේ එම ආයතනය වෙතින් විවිධ ප්‍රශ්න අසමින් ඒ සඳහා පිලිතුරු ලබාදුන් අයවෙත ත්‍යාග ප්‍රධානය කරමින් ඉතාමත් සිත් ගන්නාසුළු ආකාරයේ හරවත් වැඩමුළුවක් පවත්වන ලදී. තවද වැඩමුළුව අවසානයේ ඒ සඳහා සහභාගි වු සියළු දෙනා වෙත දිවා ආහාරයද ලබාදෙන ලදී.
05th November 2024 22:11:42 Hours
ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශණි යහම්පත් මැතිනියගේ මගපෙන්වීම මත අම්පාර වලගම්පුර මහා විද්‍යාලයේ ළමුන් 21 දෙනෙකු වෙත ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා සේවාවනිතා ශාඛාව වෙතින් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් 2024.11.01 වන දින රෙජිමේන්තු දේශන ශාලාවේදී සිදුකරන ලදී.
28th October 2024 15:39:00 Hours
ආඥාපති ආසේමු (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබිඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත අර්ධ නිවාස ආධාර ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් පවතී.
27th October 2024 11:54:44 Hours
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය අභිමානවත් 143 වැනි සංවත්සරය 2024 ක්වූ ඔක්තෝබර් මස 23 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් අභිමානවත්ව සැමරූ අතර, එයට සමගාමීව 2024.10.24 වන දින ''අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය අභියස දී රණවිරු සැමරුම් උළෙලක් ද පවත්වන ලදී.
09th October 2024 13:23:23 Hours
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 18 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් අභිනවයෙන් පත්වූ අරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී 2024 ඔක්තෝබර් මස 08 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලදී.
09th October 2024 12:50:03 Hours
ශ්‍රී ලංකා ගැමුණු හේවා රෙජිමේන්තුවේ සේවා වනිතා ශාඛාව වෙතින් 2024.10.06 වන දින බදුල්ල සහ බණ්ඩාරවෙල යන ප්‍ර දේශයන්හි යුද්ධයෙන් ජීවිතක්‍ෂයට පත් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ විශ්ව විද්‍යාල වරම් ලබා ඇති දුදරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් බණ්ඩාරවෙල ඇටම්පිටිය ශ්‍රි නිග්‍රෝධාරාම විහාරස්ථානයේදි පවතවන ලද අතර, එහිදි ලෝක ළමා දිනයට සමගාමීව එම විහාරස්ථාන දහම් පාසලේ අධ්‍යාපනය ලබන දු දරුවන් 325 දෙනෙකු හට පොත් කට්ටල පරිත්‍යාග කිරීමේ සත්කාරක වැඩසටහනක් ශ්‍රි ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් සිදුකරන ලදී.
06th October 2024 23:53:58 Hours
වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව්ජීපී සිසිර කුමාර ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝබර් මස 06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.