Skip to main content
Header Sinhala
ශ්‍රී ලංකා පාබල හමුදාව
සේවය කරමි
ENGLISH
සිංහල
Toggle navigation
මුල් පිටුව
පත්වීම්
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක
රෙජිමේන්තු සැරයන් මේජර්
ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසය
හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්
හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්
සංවිධානය
නිත්‍ය ඒකක
ස්වේච්ඡා ඒකක
රෙජිමුබ
සඟරාව
ක්‍රීඩා සහ මලල ක්‍රීඩා
මාධ්‍ය එකතුව
රූප එකතුව
අමතන්න
රෙජිමේන්තු අධිපති
රෙජිමේන්තු මධ්‍යස්ථානය
රෙජිමේන්තු
08th February 2025 10:43:31 Hours
පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරයන්
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 18 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාරගැනීමෙන් පසුව සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාර සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 29 වන දින 3 ශ්‍රීලපාහ සහ 17 (සෙව්) ශ්‍රීලපාහ යන බළඇණියන්හි නිරීක්ෂණ සංචාරයන් සිදුකරණ ලදී. මෙම සංචාරයේදී බළඇණිවල අණදෙන නිලධාරීන් විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගත්නා ලදී. සංචාරයේදී සියලුම භටපිරිස් ඇමතූ රෙජිමේන්තු අධිපති, රාජකාරී සුරක්ෂිතභාවය ආරක්ෂා කරගැනීම හා එහි වැදගත්කම මනාව අවබෝධ කරදෙමින් සෙබළෙකුගේ රාජකාරිය විහිදී ඇති වපසරිය සහ ක්‍රියා කලයුතු ආකාරය, පුද්ගල ආරක්ෂාවේ නීතීය නිවැරදිව භාවිතා කළයුතු ආකාරය, මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි විපාක තුළින් තම පවුලට සහ රැකියාවට එල්ලවන තර්ජන සහ බලපෑම් පිළිබඳව කරුණු පහදා දුන් අතර, විනයගරුක සෙබළෙකු වශයෙන් තමන්ගේ මාසික වේතනය නිවැරදිව කළමනාකරණය කර ගන්නා ආකාරය, දෙමාපියන්ට සැලකීමේ ඇති වැඳගත්කම හා එහි ආදීනව ද ඉතා මැනැවින් පහදා දෙන ලදී. යුද හමුදාවේ ගෞරවයට හා කිර්තිනාමයට හානිවන කිසිදු ක්‍රියාවක් කුමන අයුරකින්වත් සිදුනොකිරීම මෙන්ම යුද්ධ හමුදාවේ වෘත්තීය නිපුණත්වයෙන් හෙබි සෙබළෙකුවීමේ වටිනාකම අවබෝධකර දී, බළඇණියේ සියලු නිලධාරීන්ට හා සෙසුනිලයින් හට ඔවුන්ගේ ඉදිරි අනාගතයට සුබ පැතුම් එක් කරන ලදී. අණදෙන නිලධාරීන්හට සෙබළුන්ගේ සුබසාධනය තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදීමෙන් පසුව බළඇණි සමරු සටහන් පොත්හි තම සංචාරය පිළිබඳව සටහනක් තැබූ රෙජිමේන්තු අධිපති සිය බළඇණි සංචාරය නිමාකරන ලදී.