Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

මුල් පුවත

  • “පාබල මේලා” සැණකෙළිය - 2023

    26th December 2023 09:31:29 Hours

    විරෝධාර රණවිරුවන්ගේ සුබසාධනය හා ජිවන ප්‍රවර්ධනය උදෙසා ශ්‍රී ලංකා පාබල හමුදා සංගමය මගින් සංවිධානය කරණු ලැබූ "පාබල මේලා" සැණකෙළිය දෙසැම්බර් මස 22 හා 23 යන දෙදින තුළ සහරා ෆ්ලෑෂ් හා සනිධප සංගීත රසයෙන් දිවයිනේ සුප්‍රසිද්ධ ගී තරු පිරිවරා හික්කඩුව මහජන ක්‍රිඩාංගණයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන ලදී. පාබල මේලා සැණකෙළිය මේ දක්වා වසර 8 ක් පාබල හමුදා රෙජිමේන්තුව මගින් සංවිධානය කළ අතර මෙවර 9 වෙනි පාබල මේලා සැණකෙළිය ප්‍රථම වරට පාබල හමුදා සංගමය විසින් සංවිධානය කරන ලදී

  • දැයෙන් සමුගත් අභීත සෙන්පති මේජර් ජෙනරාල් දේශමාන්‍ය ඒකේ ජයවර්ධන (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී

    23rd December 2023 12:03:27 Hours

    1944 මැයි 24 වැනි දින කොළඹ ගෞරවනීය පවුලක උපත ලද අශෝක කාන්තිලාල් ජයවර්ධන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ විශිෂ්ට පෞරුෂයකින් හෙබි පාසලේදී අධ්‍යාපනික හා ක්‍රීඩා යන දෙඅංශයෙන්ම දස්කම් දැක්වූ දක්ෂ සිසුවෙකි. පාසල් අධ්‍යාපනයට සමුදුන් අශෝක ජයවර්ධන තරුණයා 1963 ඔක්‌තෝබර් 11 වැනි දින කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වී දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ සෑන්න්ඩර්ස් (Sandhurst) හි කීර්තිමත් රාජකීය හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පාඨමාලාව සාර්ථකව හදාරන ලදී. අනතුරුව 1965 දෙසැම්බර් 16 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට එක්වූ මෙතුමන් යුද්ධ හමුදාව තුළ දී දැක්වූ නිපුණතාවය හා කැපවීම මත 1967 ජුනි 16 වන දින ලුතිනන් නිලයටද, 1970 ජුනි 16 වන දින කපිතන් නිලයටද, 1977 ජුනි 1 වන දින මේජර් නිලයටද, 1985 මාර්තු 18 වන දින ලුතිනන් කර්නල් නිලයටද, 1988 අගෝස්තු 1 වන දින කර්නල් නිලයටද, 1990 මාර්තු 1 වන දින බ්‍රිගේඩියර් නිලයටද, පසුව 1994 දෙසැම්බර් 01 වන දින මේජර් ජෙනරාල් නිලයටද උසස් කරන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 28 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස අභිනවයෙන් පත් වූ කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී

    09th December 2023 22:42:27 Hours

    ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ පැරණිතම රෙජිමේන්තුව වන පාබල හමුදා රෙජිමේන්තුවේ 28 වැනි මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් රුවන් සිරිවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2023.12.08 වන දින සුබ මොහොතින් ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

  • පාබල හමුදා රෙජිමේන්තුවෙන් නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

    06th December 2023 21:03:57 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය හා ඒ යටතේ පාලනය වන බළඇණි වෙත මනා නායකත්වයක් ලබාදෙමින් රෙජිමේන්තුවේ අභිවෘද්ධිය උදෙසා ඉමහත් සේවාවක් සිදුකළ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී 2023.12.06 වන දින සිය ධූරයෙන් නික්ම යන ලදී.

  • යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ තරඟාවලියේදී රෙජිමේන්තු 20 ක් අභිබවා පියවර කෝදු ශූරතාවය හා සරඹ තරඟයේ අනුශූරතාවය පාබල හමුදා රෙජිමේන්තුව හිමිකරගත් වගයි...

    01st December 2023 22:20:29 Hours

    ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ඉපැරණි ඉතිහාසයට තවත් අමරණිය මතක සටහනක් එක් කරමින් 2023 වසරේ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියේදී රෙජිමේන්තු 20 ක් අභිබවා අකර්ෂනීය ලකුණු ප්‍රතිශතයක් ලබාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට පියවර කෝදු තරඟයේ ශූරතාවය පාබල හමුදා රෙජිමේන්තුව විසින් හිමිකරගැනීමට සමත්විය. 2022‍ වසරේ සරඹ තාරඟාවලියේදී සමස්ත ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා පාබල හමුදා සරඹ කණ්ඩායම මෙවර දෙවන ස්ථානය හිමිකරගත් අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2023.11.30 වන දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ අතර, උත්සවය නැරඹීම සඳහා දිවයිනේ සුප්‍රසිද්ධ පාසල් 23 ක් නියෝජනය කරමින් පාසල් ළමුන් 500 ක් පමණ සහභාගී වූහ.

  • දැයෙන් සමුගත් අභීත සෙන්පති කර්නල් ඩබ්ලිව්එම්ආර් විජේසුන්දර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී

    20th November 2023 21:32:23 Hours

    විජේසුන්දර මුදියන්සේලාගේ රංජිත් විජේසුන්දර නමින් 1957 මාර්තු 15 වෙනි දින කොළඹ ගෞරවනීය පවුලක උපත ලැබූ මෙතුමන් මූලික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ උසස් අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හදාරන ලද විශිෂ්ට පෞරුෂයකින් හෙබි ශාස්ත්‍රීය හා ක්‍රීඩා යන අංශ දෙකෙන්ම දස්කම් දැක්වූ සිසුවෙකි. පාසල් අධ්‍යාපනයට සමුදුන් විජේසුන්දර තරුණයා 1978 ජුලි 03 වැනි දින මාතෘභූමියට සේවය කිරීමේ අරමුණ ඇතිව ආධුනික කෙඩෙට් නිලධාරීයෙකු ලෙස පාඨමාලා අංක 10 යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය. දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් මූලික හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව 1980 ජනවාරි 23 වැනි දින දෙවැනි ලුතිතන්වරයකු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට එක්විය. යුද්ධ හමුදාව තුළ දී මෙතුමන් දැක්වූ නිපුණතාවය හා කැපවීම මත 1981 ජූලි 23 වන දින ලුතිතන් නිලයටද, 1984 ජූලි 23 වන දින කපිතන් නිලයටද, 1987 ජූලි 23 වන දින මේජර් නිලයටද උසස් කරන ලද අතර, 1993 දෙසැම්බර් 16 වන දින 10 ශ්‍රීලපාහ බළඇණියේ මෙහෙයවීමේ ප්‍රථම නියමුවා වීමේ භාග්‍යද උදාකරගත් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී රාජකාරියේදී දැක්වූ විශිෂ්ට නායකත්වය මත 1994 ජනවාරි 01 වන දින ලුතිතන් කර්නල් නිලයටත්, අනතුරුව 1997 ජූනි 06 වන දින කර්නල් නිලයටත් උසස් කරන ලදී.

  • රට දැය රැකුමට පිවිසෙන අභිමන් ගමනක ඇරඹුම

    14th November 2023 21:35:03 Hours

    යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආධුණික පුහුණු සම්බන්ධීකරණ අංශය - පුත්තලම අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් බුස්ස පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද ආධුණික පුහුණු පාඨමාලා අංක 108 (නිත්‍ය) හි ආරම්භක දේශණය පුහුණු පාසැලෙහි සේනාවිධායක ලුතිතන් කර්නල් එච්ඒඩීවීකේ ඇලෙක්සැන්ඩර් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ශ්‍රීලපාහගේ ආරාධනයෙන් ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් 2023.10.30 වන දින පුහුණු පාසල් දේශණ ශාලාවේදී පවත්වන ලදී.

  • ශ්‍රී ලංකා පාබල හමුදා ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්කේ ලියනවඩුගේ ආර්එස්පී

    10th November 2023 16:50:57 Hours

    වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්කේ ලියනවඩුගේ ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2023 නොවැම්බර් මස 10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

  • 142 වසරක අභිමානය සැමරීම හා ''අභිමන් මුදුනත" රණවිරු සැමරුම - 2023

    29th October 2023 15:13:12 Hours

    ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය අභිමානවත් 142 වැනි සංවත්සරය 2023 ක්වූ ඔක්තෝබර් මස 23 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් අභිමානවත්ව සැමරූ ලැබූ අතර, එයට සමගාමීව 2023.10.28 වන දින ''අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය අභියස දී රණවිරු සැමරුම් උළෙලක් පවත්වන ලදී.

  • නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් ආර්කේඑන්සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී

    25th October 2023 17:00:35 Hours

    මේජර් ජෙනරාල් ආර්කේඑන්සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී 1988.07.26 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1990.06.09 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 6 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. පසුව එම බළඇණිය තුළ වැඩබලන අණදෙන නිලධාරී තනතුර දක්වා දැරියයුතු සියලුම තනතුරු හොබවා අණදෙන නිලධාරියෙකු ලෙස 3 වන ආධාරක බළඇණිය ශ්‍රීලපාහ සහ 27 ශ්‍රීලපාහ බළඇණිය යන බළඇණි මෙහෙයවීමේ මහඟු භාග්‍ය ද උදාකරගන්නා ලදී.