Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

22nd June 2024 14:50:46 Hours

පොසොන් පුන් පොහෝ දින සුවහසක් බැතිමතුන් වෙත පුදකළ ශ්‍රීලපාහ සේවාවනිතා මඤ්ඤොක්කා දන්සල

ශ‍්‍රී බුද්ධ වර්ෂ 236 දී පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. ඒ තැන් සිට නිර්මල බුදු දහම පදනම්ව සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී දියුණුව හා නව බෞද්ධ ප‍්‍රබෝධයක් ඇති විය. මෙම සුවිශේෂී ඓතිහාසික දිනය සිහිපත් කරගනිමින් එයට සමගාමීව යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා අර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මගපෙන්වීම මත සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිනි වජිරා පෙරේරා මැතිනියගේ ප්‍රධානත්වයෙන් මඤ්ඤොක්කා දන්සලක් පවත්වන ලදී.

මෙවර සේවාවනිතා මඤ්ඤොක්කා දන්සල 2024.06.21වන දින පාබල හමුදා සිල්වර් බියුගල් ආපන ශාලාව අසල දී පවත්වන ලද අතර, සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය හා රෙජිමේන්තු අධිපති විසින් පස්වරු 1500 පැයේ සිට දන්සල මහජනතාව වෙත විවෘත කරන ලදී. මෙම අවස්ථාව සඳහා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පී ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී සමගින් සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන්, පාබල හමුදාවේ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූ අතර, ප්‍රදේශය අවට සහ පිටපළාත් වලින් පොසොන් සිරි නැරඹීම සඳහා පැමිණි 10000 කට අධික විශාල ජනතාවක් බැති සිතින් මේ සඳහා සහභාගී විය. තවද මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා රෙම ශ්‍රීලපාහ බළඇණිවලින් ලබාදුන් සුවිශේෂී දායකත්වය මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.