Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th June 2024 11:00:13 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිගේ 8 ශ්‍රීලපාහ බළඇණි සංචාරය

යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ 17 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරයේ සිව්වන අදියර සනිටුහන් කරමින් 2024 ජුනි මස 14 වන දින 8 වන ශ්‍රීලපාහ බළඇණියේ නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.

මෙම සංචාරයේදි 8 ශ්‍රීලපාහ බළඇණියේ අණදෙන නිලධාරී මේජර් වයිඩීඑන් ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදි. මෙම සංචාරයේදී රෙජිමේන්තු අධිපති විසින් සියලුම භඨ පිරිස් අමතමින් සෙබළ විනය, රැකියා සුරක්ෂිත භාවය, පුද්ගල ආරක්ෂාවේ නිතීය, මත්පැන්/මත්ද්‍රව්‍ය අවභාවිතය, වැටුප් කළමනාකරණය, වෘත්තිය නිපුනත්වය තුලින් සාර්ථක සොල්දාදුවෙකු බිහි කිරීම යන කරුණු පදනම් කරගනිමින් හරවත් දේශණයක් සිදු කරන ලදී.

එමෙන්ම සංචාරයේදී බළඇණියේ ඉදිරි සංවර්ධන කටයුතු සහ සෙබළුන්ගේ සුබසාධනය තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදීමෙන් පසුව රෙජිමේන්තු අධිපති සිය බළඇණි සංචාරය නිමකරන ලදී.