Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th January 2023 14:50:02 Hours

රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

ශ්‍රී ලංකා පාබල හමුදාවේ 15 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ශ්‍රීලපාහ බලඇණි සංචාරයෙහි පළමු අදියර සනිටුහන් කරමින් 2023 ජනවාරි මස 21 වන දින පිළිවෙලින් 5(සෙව්) ශ්‍රීලපාහ, 4 ශ්‍රීලපාහ සහ 6 ශ්‍රීලපාහ යන බළඇණි වල සංචාරයක නියලෙන ලදී.

රෙජිමේන්තු අධිපති ලෙස ධූරයෙහි රාජකාරී භාර ගැනීමෙන් පසු, රෙජිමේන්තුවට අයත් බළඇණි වෙත ගොස් නිලධාරීන් හා සෙසුනිලයන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම සහ ඔවුන්ගේ ඉදිරි අභිවෘද්ධිය සඳහා වූ සියලුම පාලන කටයුතු විධිමත්ව හා ක්‍රමවත්ව සිදු කිරීම පිළිබඳ සොයා බැලීම මෙම සංචාරයේ මුලික පරමාර්ථය වූ අතර, මෙහිදී බළඇණිවල අණදෙන නිලධාරීන් විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී. මෙම සංචාරයේ දී රෙජිමෙන්තු අධිපතිතුමන් විසින් බළඇණි වශයෙන් ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව පැසසුමට ලක් කළ අතර, යුද හමුදා විනය, රාජකාරී, සුබසාධන කටයුතු හා ක්‍රීඩා කටයුතු ඉතා ඉහළ මට්ටමක පවත්වා ගතයුතු බවට උපදෙස් ලබාදෙන ලදී. පෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරී කරන සියලුම නිලයන් හි විනය ඉතා ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමෙන් තම යුද්ධ හමුදා ජීවිතය මෙන්ම සිවිල් ජීවිතය ද සාර්ථක කරගත හැකි බවට සියලු නිලධාරීන් හා සෙසුනිලයින් අමතා දැනුවත් කරන ලදී.

තවද, බළඇණි වල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බලා ඉදිරි සංවර්ධන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව හා ඊට අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදෙමින් වර්ථමානයේ සොල්දාදුවන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම, නීති විරෝධි ව්‍යාපාරවලට සම්බන්ධවීම හා විවිධ අපචාර ක්‍රියා වලට යොමුවීම, සියදිවි හානිකර ගැනිම් සබැඳිව භටපිරිස් අමතන අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කළ අතර, එවැනි ක්‍රියාකාරකම් වලින් වැලකී යුද්ධ හමුදාවේ ගෞරවයට හා කීර්තිනාමයට හානි නොවන අයුරින් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කර අනාගත යුද හමුදා වෘත්තීය නිපුනත්වයෙන් හෙබි සෙබලෙකු ලෙස දැනුම සහ පුහුණු නිපුනත්වය හා එහි වටිනාකම් අවබෝධකර දී, එම අරමුණු සාක්ෂාත් කිරීම සඳහා යුද හමුදා ඉදිරි දැක්ම පිළිබඳ කරුණු අඩංගු හරවත් දේශනයන් සිදු කරන ලදී. මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී විය.