Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th November 2023 21:35:03 Hours

රට දැය රැකුමට පිවිසෙන අභිමන් ගමනක ඇරඹුම

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් පරිදි ආධුණික පුහුණු සම්බන්ධීකරණ අංශය - පුත්තලම අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයට අයත් බුස්ස පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද ආධුණික පුහුණු පාඨමාලා අංක 108 (නිත්‍ය) හි ආරම්භක දේශණය පුහුණු පාසැලෙහි සේනාවිධායක ලුතිතන් කර්නල් එච්ඒඩීවීකේ ඇලෙක්සැන්ඩර් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ශ්‍රීලපාහගේ ආරාධනයෙන් ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් 2023.10.30 වන දින පුහුණු පාසල් දේශණ ශාලාවේදී පවත්වන ලදී.

මෙම ආධුණික පාඨමාලාව 2023.10.30 වන දින සිට 2024.04.30 දින දක්වා මාස 06ක කාලසීමාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර, පාඨමාලාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන 17 ක් වෙතින් වෘත්තීය රාජකාරී සඳහා 88 ක් සහ පොදු රාජකාරී සඳහා 389 ක් වශයෙන් ආධුණික සෙබළුන් 477 දෙනෙකු සහභාගී කරවා ඇත. පාඨමාලාවේ උපදේශක කටයුතු ශ්‍රීලපාහ රෙජිමේන්තුවට අයත් උපදේශක නිලධාරීන් සහ සෙසුනිලයින් විසින් සිදු කිරීම ඉතා සුවිශේෂී කටයුත්තක් වශයෙන් පෙන්වා දෙමි.