Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

16th January 2024 21:30:09 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ 16 වන රෙජිමේන්තු අධිපතිවූ මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී තම මව් රෙජිමේන්තුවේ ගෞරවණීය උත්තමාචාරය ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යයි...

වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු ගෞරවාචාරය පුදකිරීමේ උත්සවය 2024 ජනවාරී මස 14 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පුදකරන ලද කඳවුරු මුරයෙන් පසුව ගෞරවාන්විත සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව "අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා සමූහ ඡායාරූපයකට පෙනීසිටී නව රෙජිමේන්තු අධිපති විසින් රෙජිමේන්තු දේශන ශාලාවේදී තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට ඔවුන්ගේ අනාගත අභීවෘද්ධීන් සාර්ථකව ඉටුකරගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබාදුන් අතර, කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකට එක්විය.

වර්ෂ 2023.07.15 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 16 වැනි රෙජිමේන්තු අධිපති ලෙස අභිනවයෙන් සිය රාජකාරී ඇරඹූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී සිය ධූරයෙන් නික්ම යන දිනය දක්වාම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දියුණුව උදෙසා සුවිශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් තම මාර්ගෝපදේශනය හා අධීක්ෂණය යටතේ සිදුකර ඇත. ඒ අතරින් "ගැලන්ට් බාර් ස්නැක්ස් " ව්‍යාපෘතිය ආරම්භ කිරීම, සේවාවනිතා සුබසාධන වෙළඳසැල ආරම්භකිරීම, රෙජිමේන්තු "බී" දොරටුව සහිත මුරහල හා ඒ අවට ප්‍රදේශය ඉතා අලංකාරවත් ලෙස ඉදිකිරීම හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීන් හා සෙසුනිලයන්හට කඳවුරෙන් ඇතුළුවීම හා පිටවීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කරමින් QR Code ක්‍රමය හඳුන්වාදීම, ආර්ථික අපහසුතා ඇති තෝරාගත් රණවිරුවන් වෙනුවෙන් බළඇණි මට්ටමින් නිවාස ලබාදීමේ උදාර සංකල්පය ක්‍රියාත්මත කරමින් හා එමගින් රණවිරුවන් වෙත නව නිවාස විශාල ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට කටයුතු කිරීම, තම නිවැරදි මගපෙන්වීම තුළින් 2023 වසරේ අන්තර් රෙජිමේන්තු සරඹ, පියවරකෝදු, හා තුර්යවාදක තරඟාවලියේ පියවර කොදු ඉසව්වේ ප්‍රථම ස්ථානය හා සරඔ තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීම, යුද්ධ හමුදාවේ හොදම දැණුම ඇති සෙබලා ලෙස පාබල හමුදා රෙජිමේන්තුවේ සෙබළෙකු ප්‍රථම ස්ථානය හිමිකරගැනීම වැනි ජයග්‍රහණ හා සංවර්ධන ව්‍යාපෘති රැසක් තම නායකත්වය යටතේ පාබල හමුදා රෙජිමේන්තුවට දායාද කරන ලදී.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගීවූ අතර, එහි දී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සේවය ඇගයීමට ළක්කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී භාරගැනීමට නියමිත මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී. මෙම අවස්ථාවන් සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන්, විශාල පිරිසක් සහභාගී විය.

විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ ශුභාශිංසන එක්කරන්නෙමු.