Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

11th January 2024 19:21:57 Hours

අභිනවයෙන් විවෘතවූ රෙජිමේන්තු "බී" පිවිසුම් දොරටුව හා මුරහල.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත ඇතුලුවීමට පිවිසුම් දොරටු දෙකකින් සමන්විත අතර, පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංකල්පයක් මත කඳවුරෙහි “බී” දොරටුව හා එම දොරටුවෙන් ඇතුලු වන ගමන් මාර්ග ප්‍රදේශය නවීකරණය කර එම ආසන්නයේ නවීන අංගෝපාංගවලින් සමන්විත මුරහලක් ස්ථාපනය කිරීමට උපදෙස් ලබාදෙන ලදී.

ඒ අනුව හිටපු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා වත්මන් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය මත “බී” පිවිසුම් දොරටුව සහිත මුරහලක් හා අවට පිවිසුම් පරිශ්‍රය රෙජිමේන්තු අභිමානය සුරැකෙන පරිදි අලංකාරවත්ව ඉදිකිරීම සඳහා සැලසුම් කළ අතර, පාබල හමුදාවේ හා ඉංජිනේරුසේවා රෙජිමේන්තුවේ සෙනින්ගේ ශ්‍රමයෙන් ඉදිකිරීම් කටයුතු ඉතා කෙටි කාලයකදී ක්‍රමවත්ව සිදුකරන ලදී. වැඩ නිමවූ මෙම පිවිසුම් දොරටුව සහිත ගමන් මාර්ගය හා මුරහල 2024.01.10 වැනි දිනට යෙදුනු සුබ මොහොතින් රෙජිමේන්තු අධිපතිගේ සුරතින් විවෘත කළ අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු නිලධාරීන් හා සෙසුනිලයින් රෙජිමේන්තු මධ්‍යස්ථානයට පිවිසීමේදී හා පිටවීමේදි සිදු කරනු ලැබු පොත්පත්වල සටහන් තැබීම පැරණි ක්‍රමවේදයට අමතරව ඉදිරියේදී භාවිතා කිරීම සඳහා ( Quick Response ) QR Code ක්‍රමයක් හඳුන්වාදීමද මෙදින සිදුකල අතර, එදිනම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නවතමයෙන් ඉදිකිරීමට යෝජිත බහුවිධ පහසුකම් ගොඩනැගිල්ල ඉදි කිරිම් ආරම්භ කිරිම සඳහා සුභ මොහොතින් මුල්ගල තැබීම රෙජිමේන්තු අධිපති තුමාගේ සුරතින් එදිනම සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් හා මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගී විය.