Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th January 2024 22:08:40 Hours

රෙජිමේන්තු අධිපතිගේ ශ්‍රීලපාහ බළඇණි සංචාරය

නුදුරේදී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යෑමට නියමිත පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එස්ආර්කේ හෙට්ටිආරච්චි ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් සම්ප්‍රදායානුකූලව සිදුකරන ලද ශ්‍රීලපාහ බලඇණි සංචාරය 2024 ජනවාරි මස 06, 07 සහ 08 යන දිනයන්හිදී සිදුකරන ලදී.

සංචාරයේ පළමු දින එනම් 2024.01.06 වන දින 9 (සෙව්) ශ්‍රීලපාහ බළඇණියේ සිදුකළ සංචාරයේදී භටපිරිස් ඇමතීම සඳහා 11 ශ්‍රීලපාහ බළඇණිය එක්වූ අතර, 7 ශ්‍රීලපාහ බලඇණි සංචාරයේදී 12 ශ්‍රීලපාහ බළඇණියේ සෙබළුන් ද භටපිරිස් ඇමතීමට සහභාගීවිය. අනතුරුව සිදුකළ 10 ශ්‍රීලපාහ බළඇණි සංචාරයයේ භටපිරිස් අමතීම සඳහා 3 සහ 17 (සෙව්) යන ශ්‍රීලපාහ බළඇණිවල භටපිරිස් සහභාගී වූ අතර, පසුව රෙජිමේන්තු අධිපති 6 ශ්‍රීලපාහ බළඇණියේ සංචාරය සඳහා එක්විය.

සංචාරයේ දෙවැනි දින එනම් 2024.01.07 වන දින ප්‍රථමයෙන් 15 ශ්‍රීලපාහ බළඇණියේ සංචාරය කළ අතර, එහිදී නවතමයෙන් ඉදිකළ අණදෙන නිලධාරී කාර්යාලය, රෙපෝ අංශයේ ගබඩාව හා කාර්යාලය රෙජිමේන්තු අධිපති විසින් සුබ මොහොතින් විවෘත කරන ලදී. අනතුරුව 1 ශ්‍රීලපාහ සෙබළුන්ගේ බළඇණි පුහුණුවීම් කටයුතු නිරික්ෂණය කිරීම සඳහා කටුකැලියාව පුහුණු පාසලේ සිදුකළ සංචාරයේදී භටපිරිස් ඇමතීම සඳහා 19 ශ්‍රීලපාහ බලඇණියේ සෙබළුන් එක් වූ අතර, 4 ශ්‍රීලපාහ සංචාරයේදී සිදුකළ භටපිරිස් ඇමතීම සඳහා 5 (සෙව්) ශ්‍රීලපාහ බළඇණී සෙබළුන් ද සහභාගී විය.

සංචාරයේ තෙවැනි දිනය සනිටුහන් කරමින් 2024.01.08 වන දින ප්‍රථමයෙන් 20 ශ්‍රීලපාහ බළඇණියේ සිදුකළ සංචාරයේදී භටපිරිස් ඇමතීම සඳහා රෙජිමූබ ශ්‍රීලපාහ බළඇණි සෙබළුන් සහභාගී වූ අතර, අනතුරුව 2 (සෙව්) ශ්‍රීලපාහ බළඇණි සංචාරයේදී භටපිරිස් ඇමතීම සඳහා 8 ශ්‍රීලපාහ භටපිරිස් ද සහභාගී වූහ.

මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්එච්සීආර් සිරිවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහභාගී විය.