19th January 2026 14:56:07 Hours
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ හා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 5 වන ස්වේච්ඡා ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/ඩී101978 ලාකෝ දසනායක ඩීඑන් යන කොනොනීගේ පූර්ණ ආබාධිත පුතනුවන්ගේ සනීපාරක්ෂක කටයුතු සඳහා අවැසි නාන කාමරයක් එම ඒකක රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් යුතුව සකස් කර ගැනීම සඳහා රු. 100000.00 ක මුදල් පරිත්‍යාගයක් 2026.01.13 වන දින 5 (ස්වේ) ශ්‍රීලපාහ ඒකකයේ දී සිදු කරන ලදී.
එම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ද, රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායකතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදී.